Hadabima Authority

ශ්‍රී ලංක හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපල කුකුළු ගොවිපලක් ලෙස

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා  මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ශ්‍රි ලංකා  හදබිම අධිකාරිය මඟින් එලැබි අවබෝධතා ගිවිසුමට අනුව  පල්ලෙකැළේ  ගොවිපොළ  කුකුළු ගොවිපොළක් ලෙස තව දුරටත් වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් එම ඉදිකිරීම් ආරම්භ කිරීමේ කටයුතු 2023.05.10 වන දින උදෑසන යෙදුනු සුභ නැකතින් සිදුකෙරිනි.

දැනට පල්ලෙකැලේ ගොවිපළ තුළ දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වන  අතර එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ  නැංවීමත්, 700 වන මව් කිකිළි  ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීමත්, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් මෙහි අරමුණ වේ.


මෙම වැඩසටහන සඳහා ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, විධායක අධ්‍යක්ෂක කුමුදු කරුණාරත්න මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක කණිෂ්ක කහපොල මහතා ඇතුළු සහකාර අධ්‍යක්ෂකවරුන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරින් දෙපල, පල්ලෙකැලේ ගොවිපළ අධීක්ෂණ නිලධාරි, කලාප නිලධාරීන්, ගොවිපළ කලමණාකරු, අතිරේක ස්ථානභාර නිළධාරි ඇතුළු ගොවිපළ කාර්යමණ්ඩලය සහ සුළු සේවකයන් එක්වූ අතර මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ මෙහෙයුම් ප්‍රධානි ඇතුළු නිලධාරීන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි වූහ.

 


 

නැකතට ඵලයක් දෙන පැළයක් සිටු වීම.......

උදාවු 2023 නව වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ නැකත්වලට සමගාමීව පැළ සිටුවීමේ නැකත යෙදි තිබු 2023-04-21 වන දින පුර්ව භාග 6.38 යෙදුණු සුභ මොහොතින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සුරතින් අගුණකොලපැලැස්සේදි සිදු වු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත්චන්ද්‍ර විතාන මැතිතුමා නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා ඇතුළු අධිකාරියේ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි වුහ.

මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් සංවිධානය කරන ලද පැල සිටුවීමේ වැඩසටහන් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය, පල්ලේකැලේ හා කොත්මලේ ගොවිපල තුළ හා ක්ෂේත්‍රයේදි විධායක අධ්‍යක්ෂ කුමුදු කරුණාරත්න මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා ඇතුළු ඉහළ කළමණාකරණ මණ්ඩලයේ නියේජිතයින් සහභාගි වෙමින් සිදු කෙරිණි.

 

 

 

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-28 වන දින රාජ්‍ය ආයතන දෙකක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-28 වන දින රාජ්‍ය ආයතන දෙකක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය හා ශ්‍රි ලංකා  හදබිම අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹුණි.  මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර මහතා හා රෝෂාන් රණසිංහ මැතිතුමන්ලාද , ජාතික හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන හා මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අතුළ ගල්කැටිය යන මහත්වරු  ඇතුලු පිරිසක් සහභාගි වූහ.

මෙම ගිවිසුම යටතේ දැනට ශ්‍රි ලංකා හදබිම අධිකාරිය යටතේ පවතින පල්ලෙකැළේ හා කොත්මලේ   ගොවිපොළ දෙක සංවර්ධනයට අවශ්‍ය පියවර ගනු ඇත.

පල්ලේකැළේ ගොවිපොළ, කුකුළු ගොවිපොළක් ලෙස පවත්වා‌ගෙන  යන අතර එහි දැනට දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වේ. එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ  නැංවීමත්, 700 වන මව් කිකිළි  ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීම, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් අරමුණ වේ.

එමෙන්ම දැනට මෙහි වාර්ෂික කිකිළි පැටවුන් නිෂ්පාදනය 20,000ක් වන අතර එය ලක්ෂ 02ක් දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇත.

එමෙන්ම කොත්මලේ ගොවිපොල ආරක්ෂිත ගෘහ තුල එලවළු  නිෂ්පාදනය සඳහා සංවර්ධන කිරිමටත් නියමිතය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා, විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහත්වරුන් මෙම අවෂ්තාවට සහභාගි වුහ. 

 

 

75 වැනි නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ

75 වැනි නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ උපදෙස් පරිදි හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපලෙහි ක්‍රියාත්මක කරන ලද ශ්‍රමධාන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ  ඩබ්.එම්.කේ.කේ කරුණාරත්න මිය (විධායක අධ්‍යක්ෂ) ,   කණිශ්ක කහපොල මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන),ඉෂාණි ජයවීර මිය සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා සැලසුම්) ඇතුළු ඉහළ කළමණාකරන මණ්ඩලයේ සාමාජිකයින් හා අධිකාරියේ සේවක මහත්වරුන් හා මහත්මියන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වුහ.