ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

අපගේ දැක්ම

තිරසර ඉඩම් හා ස්වභාවික සම්පත් කළමනාකරණය සඳහා වන සේවා විශිෂ්ඨත්වයක් තුල හරිත වු පරිසරයක් සරු ඵල සපිරි රටක්

අපගේ මෙහෙවර

 ඵලදායි ඉඩම් කළමණාකරණය, විධිමත් ජල සංරක්ෂණයක් හා උසස් මානව සම්පත් උපයෝජනයක් තුලින් පාරිසරික සම්පත් සංරක්ෂණය හා  කෘෂි ආර්ථිකය සව්බල ගැන්වීම සඳහා අවශ්‍ය දායකත්වය සැපයීම

තේමා ගීතය

අනුවාදනය

පුවත්

« »

මුලික පරමාර්ථ

  • ස්වභාවික සම්පත් කළමණාකරණය හා පරිසර ක‍්‍රියාකාරි කෘෂි සංස්කෘතියක් සඳහා දායක වීම
  • කෘෂිකාර්මික බෝග විවිධාංගිකරණය හා මිශ‍්‍ර වගා රටාවක් හඳුන්වා දීම.
  • ඉඩම් උපරිම ඵලධායිතාවයෙන් පවත්වාගන යාම හා වගා අස්වනු වැඩි කිරිම සඳහා මැදහත්වීම
  • කෘෂි නිෂ්පාදන ඉහල නැන්වීම දේශීය ආහාරට ගැලපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ප‍්‍රචලික කිරිම හා දිරි ගැන්වීම.
  • ගොවි ප‍්‍රජාව සවිබල ගැන්වීම ස්වං රැුකියා උත්පාදනය හා අලෙවි පහසුකම් වැඩි දියුණු කිරිම.
  • ආර්ථික ඒකක සංවර්ධනය වාණිජ්‍ය හා කෘෂිකාර්මික සංවර්ධනයක් කරා ගොවි ප‍්‍රජාවට මඟපෙන්වීම.

බල ප්‍රදේශ

මානුෂීය කෘෂි සත්කාරය අතිරේක ආහාර බෝග නිෂ්පාදන වැඩසටහන
පසුගිය යුධමය වතාවරණය හේතුවෙන් අවතැන් වුවන් සඳහා නැවත පදිංචි කිරිම සිදුකරන ලද වව්නියාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැළෑබෝගස්වැව ගම්මානය හා අවට ගම්මාන 5 ක් තුල මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිම කරන ලදි’.

i පියවර

මුලික දැනුවත් කිරිම් සඳහා ක්ෂේත‍්‍ර ගොවි හමු 02 ක් තුලින් ගොවි පවුල් 300 ක් සඳහා තාක්ෂණික පුහුණුව ලබා දීමට කටයුතු කල අතර සෑම ගොවි පවුලක් සඳහාම කෘෂි උපකරණ කට්ටලයක් ලබාදීමට කටයුතු කරන ලදි. එලෙස ලබාදෙන  ලද උදළු තල ගණන 300 කි.  මෙම ප‍්‍රතිලාභවලට අමතරව සෑම ගොවි මහතෙකුටම අතිරේක ආහාර බෝග බීජ නොමිලේ ලබාදීමට කටයුතු කරන ලදි.  ඒ අනුව මුං කිලෝග‍්‍රෑම් 652, කව්පි බීජ කිලෝග‍්‍රෑම් 54 හා මීරිස් බීජ කිලෝග‍්‍රෑම් 25 ක් මෙම ව්‍යාපෘතිය තුල බෙදා දෙන ලදි. මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1.251 වෙන් කරන ලද අතර මෙම මුදලින් රුපියල් මිලියන 0.974 ක් වැය කර ව්‍යාපෘතියෙ‘ කටයුතු අවසන් කර ඇත.

ii පියවර

ඉහත වැඩසටහනෙහි දෙවන පියවර ලෙස කැළෑබෝගස් වැව වෙහෙරගල, නන්දිමිත‍්‍ර ගම හා නාමල්ගම යන නැවත පදිංචිකරන ලද ගොවි පවුල් 1000 ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලද අතර ගොවීන් සඳහා කෘෂි උපකරණ කට්ටලයක් බැගින් ලබාදෙන ලදි.  අතිරේක ආහාර බෝග බීජ ලෙස මිරිස් කිලෝග‍්‍රෑම් 100, කව්පි කිලෝග‍්‍රෑම් 1250, රටකජු කිලෝග‍්‍රෑම් 1000, මුං කිලෝග‍්‍රෑම් 1198 ක් මෙලෙස නැවත පදිංචි කරන ලද ගොවි පවුල් 1000 ක් සඳහා බෙදා දෙන ලදි.