ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගොවි උපකරණ කට්ටල බෙදා දීම - මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

"සෞභාග්‍යයේ "  දැක්ම ප්‍රතිතිපත්ති ප්‍රකාශය අනුව කාබනික පොහොර නිෂ්පාදනය හා ප්‍රචලිත කිරිමේ  වැඩසටහනට සමගාමීව  ශ්‍රී  ලංකා හදබිම අධිකාරියේ  ඉඩම් ඵලදායිතාවය උපරිම මට්ටමට ගෙනඒමේ  කාබනික පොහොර නිෂ්පාදන  වැඩසටහන අනුව  පොහොර නිෂ්පාදනය  කරන  ගොවීන්හට  උපකරණ කට්ටල බේදාදීමේ උත්සවය අද දින (2021-10-30දින)  කෘෂිකර්ම අමාත්‍ය ගරු  මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී, සම්බන්ධීකරණ කමිටු නියෝජ්‍ය  සභාපති එම්.ජි.ජයරත්න, ප්‍රාදේශීය සභා සභාපති අශෝක සමරකෝන් මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්,   ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්යභ අධ්‍යක්ෂෂ (පාලන) හාෂාන් වීරසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල යන මහත්ම මහත්මීහු සහභාගි වුහ.

මෙම අවස්ථාවේදී මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවීන් 155 සඳහා රුපියල් මිලියන 1.2 ක ගොවි උපකරණ කට්ටල බෙදා දෙණු ලැබිණ. කළාප කළමණාකරු ජානක ආරියරත්න මහතා උත්සවය සංවිධානය කර තිබු අතර ඒකක කළමණාකරුවන් ද සහභාගි වුහ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2020/2021 කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන අනුව මහනුවර, මාතලේ, බදුල්ල, රත්නපුර, කෑගල්ල, හම්බන්තොට හා නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක තුළ ගොවි පවුල් 16,479 දෙනෙකුට උපකරණ කට්ටල බෙදාදීමට නියමිත අතර රුපියල් මිලියන 52.1 ක වියදමක් දැරිමට අපේක්ෂිතය.  නිෂ්පාදන කිරිමට අපේක්ෂිත කාබනික පොහොර ප්‍රමාණය මෙ.ටො. 16,479 කි.

එහි වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 329.5 කි. උපකරණ කට්ටලයට උදළු තල, උදළු මුල්ලු, සවල, රේක්ක හා මල් බාල්දි ඇතුලත් වේ.