2022 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

 

 

2022 වර්ෂය සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියට පහත සදහන් සැපයුම්/ සේවා/ වැඩ හා තොරතුරු පද්ධති ලබා ගැනීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා 2022-12-31 දින දක්වා රජයේ සහ පිළිගත් සැපයුම්කරුවන්ගෙන් හා කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

 

  1. සියළුම වර්ගයේ කාර්යාලීය ලිපි ද්‍රව්‍ය
  2. සියළුම වර්ගයේ ඡායා පිටපත් යන්ත්‍ර / ප්‍රින්ටර් සදහා ටෝනර් සහ කාට්රිජ්
  3. සියළුම වර්ගයේ කාර්යාලීය ගෘහභාණ්ඩ හා උපකරණ
  4. සියළුම වර්ගයේ ගෘහ උපකරණ
  5. සියළුම වර්ගයේ පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර , ‍ප්‍රින්ටර්, ෆැක්ස් යන්ත්‍ර යනාදිය
  6. සියළුම වර්ගයේ ශ්‍රව්‍ය හා දෘෂ්‍ය උපකරණ
  7. තොරතුරු පද්ධති/මෘදුකාංග විදුලි උපාංග
  8. සියළුම වර්ගයේ විදුලි උපකරණ (විදුලිපංකා, වායු සමීකරණ/ ජෙනරේටර්/ශීතකරණ යනාදිය)
  9. සියළුම වර්ගයේ නාම පුවරු, ඩිජිටල් ප්‍රින්ටින්
  10. නිල ඇදුම්
  11. සියළුම මෝටර් වාහන සදහා අමතරකොටස්
  12. සියළුම වර්ගයේ වාහන සීට් කවර හා කුෂන් කිරීම
  13. සියළුම වර්ගයේ වාහන බැටරි හා යන්ත්‍ර සුත්‍ර
  14. සියළුම වර්ගයේ ටයර්, ටියුබ්
  15. සියළුම වර්ගයේ කෘෂි උපකරණ හා කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර
  16. සියළුම වර්ගයේ ආරක්ෂිත ගෘහ සහ දැල් ආවරණ ගෘහ
  17. සියළුම පැළ වර්ග
  18. සියළුම වර්ගයේ බීජ හා රෝපණ ද්‍රව්‍ය
  19. සියළුම වර්ගයේ පොහොර /කෘෂි රසායන ද්‍රව්‍ය
  20. සියළුම වර්ගයේ සත්ත්ව බෙහෙත් (කුකුලන් හා ගව/ තාරාවන් සදහා)
  21. සියළුම වර්ගයේ සත්ත්ව ආහාර (කුකුල් හා ගව/ තාරා ආහාර)
  22. සියලුම වර්ගයේ පොලිතින් බෑග්
  23. සියළුම වර්ගයේ ප්ලාස්ටික් භාණ්ඩ
  24. සියළුම වර්ගයේ ගොඩනැගිලි ද්‍රව්‍ය
  25. සියළුම වර්ගයේ දැව
  26. ආරක්ෂක සේවා
  27. පවිත්‍රතා කටයුතු
  28. සියළුම වර්ගයේ උපකරණ අළුත්වැඩියාව
  29. සියළුම වර්ගයේ පරිගණක, ප්‍රින්ටර් හා ඡායා පිටපත් යන්ත්‍ර අළුත්වැඩියාව හා සේවා කිරීම
  30. උපදේශන සේවා
  31. ප්‍රචාරණ (විද්‍යුත් හා මුද්‍රිත)
  32. සියළුම වර්ගයේ වාහන අළුත්වැඩියා
  33. සියළුම වර්ගයේ වාහන සේවා කිරීම/ වායු සමීකරණ / ටින්කරින් හා ස්ප්‍රේ තීන්ත ගෑම
  34. ගොඩනැගිලි ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීම් (ඉක්ටැඩ්/CIDA ලියාපදිංචිය තිබිය යුතුය)
  35. සියළුම වර්ගයේ වාහන සැපයීම
  36. සියළුම වර්ගයේ පිසු ආහාර හා ආහාර ද්‍රව්‍යය
  37. සියළුම වර්ගයේ උත්සව භාණ්ඩ සැපයීම
  38. සියළුම වර්ගයේ සනීපාරක්ෂක ද්‍රව්‍ය

 

ලියාපදිංචි කිරීමේ කොන්දේසි

  • ලියාපදිංචිය සදහා වන, අයදුම්පත්‍රය හා කොන්දේසි ඇතුලත් විස්තර පත්‍රිකා 2021-11-12 දින සිට 2021-12-12 දින දක්වා සතියේ වැඩකරන දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ලබාගත හැකිය.

 

  • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා ආපසු නොගෙවන රු. 1500/- ක මුදලක් පහත ලිපිනයේ මුදල් අයකැමි වෙත මුදලින්/ චෙක්පතකින් ගෙවීම් කර ලබාගත හැකි අතර, එක් අයදුම්පත්‍රයකින් ලියාපදිංචි විය හැක්කේ එක් අයිතමයක් වෙනුවෙන් පමණි. නියමිත දිනට පසුව එවනු ලබන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 

  • සියළුම අයදුම්පත් 2021-12-31 දින ප.ව. 02.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ සභාපති, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය,තැ.පෙ. 09, ගන්නෝරුව පාර, පේරාදෙණිය නමින් එවිය යුතුය. අතින් ගෙනවිත් භාර දෙන්නේ නම් ප්‍රධාන කාර්යාලයේ පාලන අංශයට භාරදී,  භාර දුන් බවට රිසිට් පතක් ලබා ගත යුතුය.

 

  • අයදුම්පත බහා එවනු ලබන ලිපි කවරයේ වම්පස ඉහළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2022 යනුවෙන් සදහන් කර එවිය යුතුය.

 

05   සියළු විමසීම් 081-3887023/ 081-2388107/ 081-2389102 (සතියේ වැඩකරන දිනවල)

 

 

සභාපති,

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය,

තැ.පෙ. 09,ගන්නෝරුව පාර,

පේරාදෙණිය.