ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගොවි උපකරණ කට්ටල බෙදා දීම - උකුවෙල හා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය (2)


 

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ "  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කාබනික පොහොර නිෂ්පාදනය හා ප්‍රචලිත කිරිමේ  වැඩසටහනට සමගාමීව  ශ්‍රී  ලංකා හදබිම අධිකාරියේ  ඉඩම් ඵලදායිතාවය උපරිම මට්ටමට ගෙනඒමේ  2021 වර්ෂයේ කාබනික පොහොර නිෂ්පාදන  වැඩසටහන අනුව  කාබනික පොහොර නිෂ්පාදනය  කරන  ගොවීන්හට  උපකරණ කට්ටල බේදාදීමේ උත්සවය පසුගිය දා (2022-01-25 දින)  පැවැත්විණ.

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  හා ප්‍රවාහන අධිකාරියේ සභාපති රෝහණ පරාක්‍රම  දිසානායක මැතිතුමන් හා කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය ගරු  මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන්ගේ සම්බන්ධීකාරක නිලධාරි  රනිල් රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් මාතලේ නගර සභා ශාලාවේදි පැවැත්විණ.

මෙම අවස්ථාවට , ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න,  උකුවෙල   ප්‍රාදේශීය ලේකම් එස්.එන්.කේ. සේරසිංහ හා රත්තොට ප්‍රාදේශීය ලේකම් ආර්.රම්. රියල්දීන් යන මහත්මීන් සහභාගි වුහ.  

මෙම අවස්ථාවේදී උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ගොවීන් 82 ක් හා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ගොවීන් 53 ක් සඳහා රුපියල් 545,535.00 වටිනා  ගොවි උපකරණ කට්ටල බෙදා දෙණු ලැබිණ.

කළාප කළමණාකරු ජි.වි.ඒ.කේ. පේරේරා  , ඒකක කළමණාකරුවන් වන පසන් මධුරංග සිල්වා , ඒ.ආර්.එම්.එච්.සී.එස්.රත්නායක, හා ජි.ජී.ඒ. සෙනෙවිරත්න  යන මහත්ම මහත්මීන් උත්සවය සංවිධානය කර තිබුණි.