ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

අර්ධ ගෘහාශ්‍රිත කුකුල් පාලන වැඩසටහන - 2022


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2022 ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රියාත්මක වන අර්ධ ගෘහාශ්‍රිත කුකුල් පාලන වැඩසටහන අනුව මහනුවර දිසත්‍රික්කයේ ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොවි පවුල් 190 ක් සඳහා  රු. 760,000.00 වටිනා කුකුල් පැටවුන් 1900 ක් බෙදා දීමෙ උත්සවය  2022-02-27 දින පෙ.ව. 10.00 ට කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය මහින්දානන්ද
අළුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පොල කුරුඳුවත්ත ග්‍රේහෙඩ් වතුයායේ දී පැවැත් විණ.

මෙම අවස්ථාවට ගඟඉහළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික බණ්ඩාර මැතිතුමා, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අළුත්ගමගේ වීරසිංහ මැතිතුමා ගරු කෘෂිකර්ම කැබිනට් අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් චාමික ධර්මතිලක මැතිතුමා හා අනෙකුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු හා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වුහ.

 
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරනන්ද වීරසිංහ මැතිතුමා , නියෝජ්‍ය අධ්‍යක්ෂ කණිෂ්ක කහපොල මැතිතුමා  මෙම අවස්ථාවට සහභාගී වු අතර කළාප කළමණාකරු සුනිල් වික්‍රමගේ , ඒකක කළමණාකරුවන් වන මාධව පොන්සේකා, පසන් මධුරංග, හර්ෂ ණුවන් යන මහත්මයින් මෙම උත්සවය සංවිධානය තිබුණි.

මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ප්‍රජාවගේ පෝෂණීය තත්ත්වය නගා සිටුවීම, අදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස හා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කුකුල් අතුරණු ලබා ගැනීමේ මුලික කරුණු පෙරදැරිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.