ගෙවතු වගා පුහුණු වැඩසටහන


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022 වර්ෂයේ ගෙවතු 5000 ක් සකස් කිරිමේ වැඩසටහනට සමගාමීව ක්ෂේත්‍ර නිලධාරින් සඳහා 2022-07-18 හා 19 දෙදින තුළ පුහුණු වැඩසටහනක්  පැවැත් විය. කෘෂිකර්ම දෙපාර්ථමේන්තුවට අයත් සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සාගරිකා රත්නමලල මිය (කෘෂිකර්ම උපදේශිකා) , වසන්ත පුෂ්ප කුමාර මහතා (කෘෂිකර්ම උපදේශක) , මාදුර්යා සෙනෙවිරත්න මිය (තාක්ෂණික සහයක) හා පි.එල්. ඉන්දික මහතා (සංවර්ධන නිලධාරි)  යනනිලධාරින් මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදි.  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා , ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මිය (විධායක අධයක්ෂ), කණිෂ්ක කහපොල මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ - සංවර්ධන) හා ඉෂානි ජයවීර (සහකාර අධ්‍යක්ෂ - සැලසුම්) යන නිලධාරිහු ද මෙම වැඩසටහන සඳහා සහභාගි වුහ.