ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2023 වර්ෂයේ වවුනියාව දිස්ත්‍රික්කයේ

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2023 වර්ෂයේ වවුනියාව දිස්ත්‍රික්කයේ වෙන්ගල් සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරිකට්ටු ග්‍රාම නිලධාරී වසමේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන (Smart Village) වැඩසටහනට අදාල තෝරාගත් ගොවීන්ට ප්‍රථිලාභ ලබා දීම පසුගිය 2023.10.13 වන දින ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කාදර් මස්තාන් මැතිතුමන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. තිලිපන් මැතිතුමන්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමන්, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ගරු සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමන්, වවුනියාව දිස්ත්‍රික් ලේකම්තුමන් හා සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.


මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දායකත්වය යටතේ ගෙවතු 190ක් සදහා ගෙවතු උපකරණ කට්ටල, පැල හා දියර පොහොරද, කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම උදෙසා ගොවීන් 100ක් සදහා උපකරණ කට්ටල හා ERP පොහොර 100ක්ද, අඹ වගා කරන ගොවීන් සදහා TJC අඹ පැල සංකේතාත්මකව ලබා දීමද සිදු කරල ලදි.
මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී නිමල් තිලකරත්න මහතා, කලාප නිලධාරී D.V.A දහනායක මහතා හා ඒකක කලමනාකාර හර්ෂ නුවන් මහතා සහභාගී විය.

සංවිධානය

D.V.A. දහනායක - කලාප නිලධාරී
හර්ෂ නුවන් - ඒකක කලමනාකරු