ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගම් කුකුළු නිෂ්පාදන ව්‍යවසායකයින් සදහා බිත්තර රක්කවන (Incubators) ලබාදීමේ ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථික හා පෝෂණ යහපැවැත්ම සංවර්ධනය කිරීමේ අරමුණින් චීනයේ යුනාන් (Yunnan) ප්‍රාන්ත ආණ්ඩුවේ තිළිණයක් ලෙස ලැබුනු "ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගම් කුකුළු නිෂ්පාදන ව්‍යවසායකයින් සඳහා බිත්තර රක්කවන (Incubators) ලබාදීමේ" ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් 2024.01.17වන දින ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගරයේදී සාර්ථකව පැවැත්විණි.  


මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, යටවත්ත, මාතලේ හා නාඋල යන ප්‍රාදේශීය  ලේකම් කොට්ටාශවල ගොවි පවුල් සදහා බිත්තර රක්කවන (Incubators) ලබා දීම, පාංශු සංරක්ෂණ කටයුතු නිම කල ගොවි පවුල්‌ සදහා පාංශු සංරක්ෂණ චෙක් පත් ලබා දීම, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු අවසන් කල  ගොවි පවුල් සදහා කෘෂි උපකරණ කට්ටල බෙදා දීම, අර්ධ ගෘහාශ්‍රිත කුකුල් පාලන වැඩසටහන සදහා මසක් වයසැති කුකුල් පැටවුන් බෙදා දීම සිදුකරන ලදි.


මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මැතිතුමා,  පාර්ලිමේන්තු මන්ත්‍රී / මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපති නාලක කෝට්ටගොඩ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මැතිතුමා, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් එෆ්. ආර්. එම්. රියාල්දීන් මහත්මිය, මාතලේ දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, මාතලේ දිස්ත්‍රික්කයේ වසම් වල සියලුම සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන් හාප්‍රතිලාභීන් සහභාගී විය.   
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වෙනුවෙන් විධායක අධ්‍යක්ෂ සදමාලි හේවගේ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් පිරිස සහභාගී විය.

සංවිධානය හා මෙහෙයවීම

එම්. එම්. මිල්ටන් මයා - කලාප නිලධාරී
ශාලිකා ගම්ලත් මිය - කලාප නිලධාරී
අශෝක සෙනෙවිරත්න මයා - ඒකක කළමනාකරු
සී.එස්. රත්නායක මිය - ඒකක කළමනාකරු