ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ජල මූලාශ්‍ර හා දියකදුරු සංරක්ෂණ වැඩසටහන යටතේ මඩවලතැන්න වැව ඉදිකිරීමේ පළමු අදියර අවසන් කර ගොවීන්වෙත භාරදීමේ අවස්ථාව

ශ්රී ලංකා හදබිම අධිකාරියේ ජල මූලාශ්ර හා දියකදුරු සංරක්ෂණ වැඩසටහන යටතේ 2023 වර්ෂයේ ආරම්භ කෙරුණු බදුල්ල දිස්ත්රික්කයේ වැලිමඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙපුහුල්පොල වසමේ මඩවලතැන්න වැව ඉදිකිරීමේ පළමු අදියර අවසන් කර ගොවීන්වෙත භාරදීමේ අවස්ථාව පසුගිය 2024.03.17 වන දින ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා හා ශ්රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ගරු සරත් චන්ද්රසිරි විතාන මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.

රුපියල් ලක්ෂ 10 ක මුදලක් වැයකරමින් ඉදිවූ මෙම දිය රක්ෂිතය හරහා ගම්මානයේ පවුල් 70 අධික සංඛ්යාවක් තම ගොවිතැන් කටයුතු සදහා ජලය ලබා ගනී.
මෙම අවස්ථාව සදහා ශ්රී ලංකා හදබිම අධිකාරිය වෙනුවෙන් සහකාර අධ්යක්ෂ (මුදල්) වසන්ත තිලකරත්න මහතා, කලාප නිලධාරීන් වන අනූෂ වීරසුරිය , ජාන් බෝගොඩගේ, ඒකක කලමණාකාර සමිත සමරකෝන්, වැලිමඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් හා අනෙකුත් රාජ්ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් සම්බන්ධ විය.
සංවිධානය
ජාන් බෝගොඩගේ - කලාප නිලධාරී
සමිත සමරකෝන් - ඒකක කළමනාකරු