ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතතුමාගේ හදබිම නිල සංචාරය - 2024.03.27


 

 ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2024 වර්ෂයේ මහනුවර දිස්ත්රික්ය තුළ ක්රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන පිළිබඳ සාකච්ජාවක් 2024-03-27 වන අද දින වැවිලි කාර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්රසිරි විතාන මහතාගේ සහභාගීත්වයෙන් හදබිම ප්රධාන කාර්යාලීය පරිශ්රයේදී පැවැත් විණ.

මෙම අවස්ථාව සඳහා වැවිලි කාර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේසඳමාලි හේවගේ මහත්මිය (විධායක අධ්යක්ෂ) , කණිෂ්ක කහපොල මහතා නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන), වසන්ත තිලකරත්න මහතා (සහකාර අධ්යක්ෂ (මුදල්),ඉෂාණි ජයවීර මහත්මිය (සහකාර අධ්යක්ෂ (ව්යාපෘති හා සැලසුම්), විනීතා කෝණාර මහත්මිය (පරිපාලන නිලධාරි), උපුල් රංජන් ජයතිලක මහතා(කෘෂිකර්ම සංවර්ධන නිලධාරි) නිමල් තිලකරත්න මහතා (කෘෂිකර්ම සංවර්ධන නිලධාරි) හා හදබිම අධිකාරියේ නිලධාරින් මේ සඳහා සහභාගි වුහ.
2024 වර්ෂයේ ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් මහනුවර දිස්ත්රික්කය තුළ පාංශූ සංරක්ෂණ ව්යුහ ස්ථාපිත කිරිම, කාබනික පොහොර නිෂ්පාදනය, ජල මුලාශ්ර සංරක්ෂණය, ගෙවතුවගාව ප්රවර්ධනය, අතිරේක ආහාර ප්රවර්ධනය, වගාවන් සඳහා සතුන්ගෙන්වන හානිය අවම කිරිම, පාසල් පාරිසරික වැඩසටහන් හා අර්ධ ගෘහාශ්රිත කුකුල් පාලන වැඩසටහන්ආදි වැඩසටහන් ක්රියාත්මක කිරිම සඳහා රුපියල් මිලියන 27.45 මුදලක් වෙන් කර ඇත.