Hadabima Authority

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතතුමාගේ හදබිම නිල සංචාරය - 2024.03.27


 

 ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2024 වර්ෂයේ මහනුවර දිස්ත්රික්ය තුළ ක්රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන පිළිබඳ සාකච්ජාවක් 2024-03-27 වන අද දින වැවිලි කාර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්රසිරි විතාන මහතාගේ සහභාගීත්වයෙන් හදබිම ප්රධාන කාර්යාලීය පරිශ්රයේදී පැවැත් විණ.

මෙම අවස්ථාව සඳහා වැවිලි කාර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේසඳමාලි හේවගේ මහත්මිය (විධායක අධ්යක්ෂ) , කණිෂ්ක කහපොල මහතා නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන), වසන්ත තිලකරත්න මහතා (සහකාර අධ්යක්ෂ (මුදල්),ඉෂාණි ජයවීර මහත්මිය (සහකාර අධ්යක්ෂ (ව්යාපෘති හා සැලසුම්), විනීතා කෝණාර මහත්මිය (පරිපාලන නිලධාරි), උපුල් රංජන් ජයතිලක මහතා(කෘෂිකර්ම සංවර්ධන නිලධාරි) නිමල් තිලකරත්න මහතා (කෘෂිකර්ම සංවර්ධන නිලධාරි) හා හදබිම අධිකාරියේ නිලධාරින් මේ සඳහා සහභාගි වුහ.
2024 වර්ෂයේ ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් මහනුවර දිස්ත්රික්කය තුළ පාංශූ සංරක්ෂණ ව්යුහ ස්ථාපිත කිරිම, කාබනික පොහොර නිෂ්පාදනය, ජල මුලාශ්ර සංරක්ෂණය, ගෙවතුවගාව ප්රවර්ධනය, අතිරේක ආහාර ප්රවර්ධනය, වගාවන් සඳහා සතුන්ගෙන්වන හානිය අවම කිරිම, පාසල් පාරිසරික වැඩසටහන් හා අර්ධ ගෘහාශ්රිත කුකුල් පාලන වැඩසටහන්ආදි වැඩසටහන් ක්රියාත්මක කිරිම සඳහා රුපියල් මිලියන 27.45 මුදලක් වෙන් කර ඇත.

   

 

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ජල මූලාශ්‍ර හා දියකදුරු සංරක්ෂණ වැඩසටහන යටතේ මඩවලතැන්න වැව ඉදිකිරීමේ පළමු අදියර අවසන් කර ගොවීන්වෙත භාරදීමේ අවස්ථාව

ශ්රී ලංකා හදබිම අධිකාරියේ ජල මූලාශ්ර හා දියකදුරු සංරක්ෂණ වැඩසටහන යටතේ 2023 වර්ෂයේ ආරම්භ කෙරුණු බදුල්ල දිස්ත්රික්කයේ වැලිමඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙපුහුල්පොල වසමේ මඩවලතැන්න වැව ඉදිකිරීමේ පළමු අදියර අවසන් කර ගොවීන්වෙත භාරදීමේ අවස්ථාව පසුගිය 2024.03.17 වන දින ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා හා ශ්රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ගරු සරත් චන්ද්රසිරි විතාන මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.

රුපියල් ලක්ෂ 10 ක මුදලක් වැයකරමින් ඉදිවූ මෙම දිය රක්ෂිතය හරහා ගම්මානයේ පවුල් 70 අධික සංඛ්යාවක් තම ගොවිතැන් කටයුතු සදහා ජලය ලබා ගනී.
මෙම අවස්ථාව සදහා ශ්රී ලංකා හදබිම අධිකාරිය වෙනුවෙන් සහකාර අධ්යක්ෂ (මුදල්) වසන්ත තිලකරත්න මහතා, කලාප නිලධාරීන් වන අනූෂ වීරසුරිය , ජාන් බෝගොඩගේ, ඒකක කලමණාකාර සමිත සමරකෝන්, වැලිමඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් හා අනෙකුත් රාජ්ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් සම්බන්ධ විය.
සංවිධානය
ජාන් බෝගොඩගේ - කලාප නිලධාරී
සමිත සමරකෝන් - ඒකක කළමනාකරු

 

 

  

 

 

 

කෘෂිකාර්මික ප්‍රදර්ශනය හම්බන්තොට බටඅත කෘෂිතාක්ෂණ උද්‍යානය

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව හම්බන්තොට බටඅත කෘෂි තාක්ෂණ උදයානයේ Agri Tech 24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භය පසුගිය 2024 මාර්තු 2 වන සනිටුහන් කල වගයි.


මෙම අවස්ථාව සදහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් ප්‍රමුඛ මැති ඇමතිතුමන්ලා හා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ගරු සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමන්, නියෝජ්‍ය සභාපතිතුමන් ඇතුළු ආයතන ප්‍රධානීන් ප්‍රදර්ශන භූමිය නිරීක්ෂණය කිරීම සිදුකරන ලදි.

 

  

 

 

 

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගම් කුකුළු නිෂ්පාදන ව්‍යවසායකයින් සදහා බිත්තර රක්කවන (Incubators) ලබාදීමේ ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථික හා පෝෂණ යහපැවැත්ම සංවර්ධනය කිරීමේ අරමුණින් චීනයේ යුනාන් (Yunnan) ප්‍රාන්ත ආණ්ඩුවේ තිළිණයක් ලෙස ලැබුනු "ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගම් කුකුළු නිෂ්පාදන ව්‍යවසායකයින් සඳහා බිත්තර රක්කවන (Incubators) ලබාදීමේ" ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් 2024.01.17වන දින ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගරයේදී සාර්ථකව පැවැත්විණි.  


මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, යටවත්ත, මාතලේ හා නාඋල යන ප්‍රාදේශීය  ලේකම් කොට්ටාශවල ගොවි පවුල් සදහා බිත්තර රක්කවන (Incubators) ලබා දීම, පාංශු සංරක්ෂණ කටයුතු නිම කල ගොවි පවුල්‌ සදහා පාංශු සංරක්ෂණ චෙක් පත් ලබා දීම, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු අවසන් කල  ගොවි පවුල් සදහා කෘෂි උපකරණ කට්ටල බෙදා දීම, අර්ධ ගෘහාශ්‍රිත කුකුල් පාලන වැඩසටහන සදහා මසක් වයසැති කුකුල් පැටවුන් බෙදා දීම සිදුකරන ලදි.


මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මැතිතුමා,  පාර්ලිමේන්තු මන්ත්‍රී / මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපති නාලක කෝට්ටගොඩ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මැතිතුමා, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් එෆ්. ආර්. එම්. රියාල්දීන් මහත්මිය, මාතලේ දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, මාතලේ දිස්ත්‍රික්කයේ වසම් වල සියලුම සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන් හාප්‍රතිලාභීන් සහභාගී විය.   
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වෙනුවෙන් විධායක අධ්‍යක්ෂ සදමාලි හේවගේ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් පිරිස සහභාගී විය.

සංවිධානය හා මෙහෙයවීම

එම්. එම්. මිල්ටන් මයා - කලාප නිලධාරී
ශාලිකා ගම්ලත් මිය - කලාප නිලධාරී
අශෝක සෙනෙවිරත්න මයා - ඒකක කළමනාකරු
සී.එස්. රත්නායක මිය - ඒකක කළමනාකරු