2025 වර්ෂයේ ලෝක මිහිකත දිනට සමගාමීව හදබිමෙන් පවිත්‍රතා වැඩසටහන් මාලාවක්

2025 වර්ෂයේ ලෝක මිහිකත දිනට සමගාමීව හදබිමෙන් පවිත්‍රතා වැඩසටහන් මාලාවක්

2025-04-22 වන දිනට යේදී ඇති ලෝක මිහිකත දිනයට සමගාමීව ශ්‍රී ලකා හදබිම අධිකාරියේ සභාපති ආර්.ඩි.සිරිපාල මහතාගේ උපදෙස් පරිදි ජලමුලාශ්‍ර කේන්ද්‍ර කර ගනිමින් පරිසර පවිත්‍රතා වැඩසටහන් මාලාවක් ක්‍රියාතමක කිරිමට සැලසුම් කර ඇත.

ඒ් අනුව ඒම ප්‍රධාන වැඩසටහන විධායක අධ්‍යක්ෂ ඒ්.ඒම්.ඩබ්.තිලකරත්න මහතාගේ මඟ පෙන්වීමෙන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතාගේ මෙහෙයවීමෙන් යුතුව සහකාර අධ්‍යක්ෂ (කෘෂිකර්ම) නිමල් තිලකරත්න මහතා හා උපුල් ජයතිලක මහතා , ජානක ආරියරත්න මහතා, ජාන් බෝගොඩ මහතා (කලාප කළමණාකාරු) හා ඒ්.ඒම්.රත්නායක මහතා (ඒ්කක කළමණාකාරු) උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගලත ග්‍රාම නිලධාරි වසමේදී මාවතුරු මහවැලි ඟග ආශ්‍රිත ‌මොරගොල්ලේ දී 2025-04-22 දින සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා උඩපළාත සහකාර ප්‍රාදේශීය ලේකම්, මහවැලි අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (වන හා පරිසර) සහ උඩපලාත ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය අංශය නියෝජනය කරමින් නිලධාරීන් රැසක්ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් , තැඹිලිගල, උඩගම පල්ලේගම, දුනුකේඋල්ල යන ප්‍රදේශවල ගොවි ප්‍රජාව හා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කාර්ය මණ්ඩලය ඇතුළුව 100 පමණ පිරිසකගේ සහභාගීත්වය ලැබුණි.

ශ්‍රමදාන වැඩසටහන තුලින් අවිදිමත් ලෙස බැහැර කර තිබු පොලීතීන්, ප්ලාස්ටික්, වීදුරු බෝතල් ඇතුළු නොදිරන කැලිකසල කිලෝ 600 ක් පමණ වෙන් කර ඉවත් කර ගැනීම හැකියාව ලැබුණි. මෙම ද්‍රව්‍ය වර්ගීකරණය කොට උඩපළත ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන් ඒම ඉස්ථානයෙන් විදිමත් ලෙස බැහැර කිරිමට කටයුතු කරන ලදි. තවද අවිදිමත් කසල බැහැර කිරි‌මෙන් වලකින ලෙස ජනතාව දැනුවත් දැණුවත් කිරිම සඳහා දැන්වීම් පුවරුවක් ස්ථාපිත කල අතර වෙන් වෙන් වශයෙන් කසල බැහැර කල හැකි කසල බදුන් ස්ථාන ගත කිරිමද සිදු කරන ලදි. වැඩසටහන සංවිධානය – කලාප නිලධාරි සුනිල් වික්‍රමගේ මහතා – ඒකක කලමනාකරු සචිනි කරුණාරත්න මහත්මිය

මෙම වඅඩසටහන්වලට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුණුවර ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයෙත් , බදුල්ල දිස්ත්‍රික්කයේ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයෙත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයෙ හා මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

Please follow and like us:
Total Views
3,213,807
Unique Visitors
1,514,085

Other Important Links

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Presidential Secretariat

Prime Minister's Office

Parliament of Sri Lanka

Government Information Centre - 1919

Department of Agriculture

Minister of Finance

Department of Agrarian Development

Department of Meteorology

Ministry of Agriculture

Department of Government Information

Contact Info