ජලය සුරකින්න. ජීවිත සුරකින්න. අනාගතය සුරක්ෂිත කරන්න.!

ජලය සුරකින්න. ජීවිත සුරකින්න. අනාගතය සුරක්ෂිත කරන්න.!

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය මැයි 30 සිට ආරම්භ විය. ඒ අනුව අද ජූනි 03වන දිනය “ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය” ලෙස නම් කර තිබේ.

මීට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.

මේ අනුව “ජලය සුරකින්න. ජීවිත සුරකින්න අනාගතය සුරක්ෂිත කරන්න.”යන තේමාව යටතේ ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයට සමගාමීව පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝලඇප නව ආදර්ශ විද්‍යාලයේ පාසල් පාදක පාරිසරික වැඩසටහනක් පසුගිය ජූනි 03 වන දින පවත්වන ලදි.

එහිදි පාසල් ළමුන් හට ජලයේ රැක ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව සහ නිවැරදිව පැළ වර්ග රෝපණය කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි.

මේ සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා, කලාප නිලධාරී ජානක ආරියරත්න මහතා හා ඒකක කළමනාකරු දර්ශන දයානන්ද මහතාද, පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීතුමා, ග්‍රාමීය කටයුතු සංවර්ධන නිලධාරීතුමා හා ග්‍රාම නිලධාරීතුමා සහභාගී විය.

සංවිධානය
දර්ශන දයානන්ද මහතා – ඒකක කළමනාකරු

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

Holiday Bungalow

Reservation of Circuit Bungalow

Downloads

All Downloads

Services

All Services

Procurement Notices

Procurement Notices for Goods & Services

Most Recent News

Total Views
3,218,812
Unique Visitors
1,517,095

Contact Info