Clean Sri Lanka වැඩසටහනට සමගාමීව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පාසල් 50ක “පාසල් හරිත කලාප” 50ක් ස්ථාපනය කිරීමේ වැඩසටහන

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පාසල් 50ක “පාසල් හරිත කලාප” 50ක් ස්ථාපනය කිරීමේ වැඩසටහන

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව දිවයිනේ සෑම දිස්ත්රික්කයක්ම නියෝජනය වන පරිදි පාසල් 50ක “පාසල් හරිත කලාප” 50ක් ස්ථාපනය කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලය, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය යටතේ ශ්රී ලංකා හදබිම අධිකාරිය එක්ව මේ වන විට ක්රියාත්මක වේ.
මේ සදහා ශ්රී ලංකා හදබිම අධිකාරියේ ක්ෂේත්ර නිලධාරීන් සදහා දැනුවත් කිරීමේ හා කෘෂි වන වගාව පිලිබද නේවාසික පුහුණු වැඩසටහනක් අගෝස්තු 06 දින පිළිමතලාව ග්රාම සංවර්ධන අභ්යාස හා පුහුණු ආයතනයේදී ශ්රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති ආර්.ඩී. සිරිපාල, විධායක අධ්යක්ෂ (වැ.බ.) වසන්ත තිලකරත්න, සහකාර අධ්යක්ෂ (සැලසුම්) ඉෂානි ජයවීර, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (වැ.බ.) උපුල් ජයතිලක හා නිමල් තිලකරත්න කෘෂිකර්ම සංවර්ධන නිලධාරී, කලාප නිලධාරී හා ඒකක කලමනාකරුවන් ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සම්බන්ධ විය.
මේ සදහා ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ (ආචාරධර්ම) ඩී.සොමිරත්න මහතා, අධ්යක්ෂ ( මාධ්ය හා තොරතුරු) ගිහාන් වීරසුන්දර මහතා, පේරාදෙණිය විශ්ව විද්යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය N.A.A.S.P. නිශ්ශංක, ශ්රී ලංකා දේශගුණ පදනමේ ප්රධාන විධායක නිළධාරීනී හර්ෂණී අබේරත්න මහත්මිය ඇතුළු කණ්ඩායම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ව්යාප්ති නිළධාරී R.G.S. පුෂ්පලාල් මහතා හා කැපිටල් මහරාජා සමූහයට අයත් ස්ලෝන් පුද්ගලික සමාගමේ ප්රාදේශීය අලෙවි කළමණාකාර මෙන්ඩිස් මහතා ඇතුළු පිරිස සම්පත් දායකත්වය ලබාදෙන ලදි.
මේ සදහා දායකත්වය ලබාදුන් සියලු සම්පත් දායකයින්ටත්, මගපෙන්වීම හා සහයෝගය ලබා දුන් ගරු සභාපතිතුමා ඇතුළු නිලධාරීන් සියලු දෙනාටත්, මෙම වැඩසටහන සාර්ථකව සිදුකර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තූතියි.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

සාද නිවාසය

සාද නිවාසය වෙන්කරවා ගැනීම

බාගතකිරීම්

සියළුම බාගතකිරීම් සඳහා

සේවා

සියළු සේවා

ප්‍රසම්පාදන දැන්වීම්

භාණ්ඩ හා සේවා සඳහා ප්‍රසම්පාදන දැන්වීම්

Most Recent News

Total Views
3,220,038
Unique Visitors
1,517,958

Contact Info