මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල ගාංඟා ද්‍රෝණි සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ යුතු ප්‍රමුඛ කාර්යය භාරයක් වන ජල හා පාංශු සම්පත සංරක්ෂණය කිරිමටත්, එම ප්‍රදේශවල ජීවත්වන ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම්වල භූමි ඵලදායිතාවය වර්ධනය කොට කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කරන ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2026 වර්ෂයට නියමිත තම සංවර්ධන වැඩසටහන් පිළිබඳව අදාල බල ප්‍රදේශවල හා විෂය සමගාමි රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුව 2026-02-25 වන දින කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිර්ග අමාත්‍ය ගරු කේ.ඩි. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව, පැළැටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සාර්ථත ලෙස පවත්වන ලදි.
රජයේ භාණ්ඩාගාරයෙන් ලැබී ඇති රුපියල් මිලියන 350 ක පමණ ප්‍රාග්ධන මුදල් යොදා ගනිමින් පස සංරක්ෂණය, ජල උල්පත් ආරක්ෂා කිරිමේ ව්‍යාපෘති, වාණිජ ගෙවතු සංවර්ධනය, කෘෂිකාර්මික බෝග ලබා දීම, පළතුරු ගම්මාන ඇති කිරිම, මී මැසි පාලනය, බිම්මල් වගාව, පාසැල් පාරිසරික ව්‍යාපෘති, කිකිළි පැටවුන් ලබාදීමආදි ව්‍යාපෘති රාශියක් ප්‍රජා සහභාගීත්ව ක්‍රමෝපායන් ඔස්සේ ක්‍රියාත්මක කර සෘජුව අදාල ප්‍රතිලාභි මහජනතාවටත් ඒ් ඔස්සේ පරිසර පද්ධතියටත් රටේ කෘෂි ආර්ථිකයටත් සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට අධිකාරිය විසින් සැලසුම් සකස් කර ඇත.
ඒ් අනුව අධිකාරිය විසින් මෙම වසරේ මධ්‍යම, සබරගමුව, ඌව හා බස්නාහිර පළාත්වලට අයත් මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, බදුල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර සමස්ථ ව්‍යාපෘති සඳහා ගොවි පවුල් 15,000 ක් පමණ සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කර ඇත.
අදාල වැමුළුව වෙනුවෙන් යෝජිත දිස්ත්‍රික්ක 07 ක දේශපාලන අධිකාරිය,හදබිම අධ්‍යක්ෂ මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 50 ක ප්‍රාදේශීය ලේකම්වරු සහ ඔවුන් නියෝජනය කරමින් නිලධාරින්ද ඇතුළුව කෘෂිකර්ම, ඉඩම් පශුසම්පත් වාර්මාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් , විශ්ව විද්‍යාල විද්වතුන් ඇතුළු පාර්ශව කරුවන් සියයකට ආසන්න පිරිසකගේ සහභාගීත්වය ලැබුණ අතර වැඩමුළුව පිළිබඳ පුළුල් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ආවරණයන් ලබා දීමට හැකියාව ලැබුණි.









