Hadabima Authority

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගොවි උපකරණ කට්ටල බෙදා දීම - අඹන්ඟගකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය


 

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ "  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය සහ වස විසෙන් තොර ආහාර වේලක්  සඳහා වු ජනතා අයිතිය තහවුරු කිරිම සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ක්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනේ අඹන්ඟගකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා ගොවීන් හට අවශ්‍ය කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහන 2022.03.14 අඹන්ඟගකෝරලේ ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණ.

මෙහිදි රු. 258,624.00 ක් වටිනා කෘෂි උපකරණ කට්ටල තෝරාගත් ගොවීන් 64 ක් අතරේ බෙදා හැරිණි. මෙම කෘෂි උපකරණ කට්ටලයක වටිනාකම  රු. 4041.00 වන අතර ඒම කට්ටලවලට උදළු තල, ඇඟලි 4 උදළු මුල්ලු, යකඩ මිට සහිත සවල්, ලීටර 10 ප්ලාස්ටික් මල් බාල්දි, අඟල් 1 රේක්ක අයත් වේ.  

මෙම උත්සවය සඳහා  අඹන්ගඟකෝරලේ  ප්‍රාදේශීය සභාවේ  සභාපති එන්.යෝගරාජ් මැතිතුමා , කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය ගරු  මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන්ගේ සම්බන්ධීකාරක නිලධාරි  රනිල් රාජපක්ෂ මැතිතුමන්,  අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.    

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කළාප නිලධාරි ශාලිකා ගම්ලත් , ඒකක කළමණාකරුවන් වන එච්.එම්.යු.අයි.අබේවර්ධන, ඒ.ආර්.එම්.එච්.සී.එස්.රත්නායක,හා ඒ.ජී.සෙනෙවිරත්න  යන මහත්ම මහත්මීන්  මෙම වැඩසටහන අධීක්ෂණය හා සම්බන්ධීකරණය සිදු කරනු ලැබීය. 

      
      

    

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Category: