Hadabima Authority

කාන්තා මුලික ආර්ථික වැඩසටහනකට චීන සහාය ..............................

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය සඳහා ඉතා වැදගත්වන කුඩා පරිමාණ ව්‍යවසායකයින් බිහි කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සඳහා චීනයේ යුහාන් ප්‍රාන්තයේ සහයෝගය ලබා ගැනීමට
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මැතිතුමාගේ පසුගිය චීන නිල සංචාරයේදී හැකියාව ලැබී තිබේ.  මේ යටතේ ග්‍රාමීය මට්ටමින් කුකුල් ගොවිපල ඇති කිරිම සඳහා අඩු අදායම් ලාභි
පවුල් යොමු කරමින් ඔවුන් කුඩා පරිමාණ ව්‍යවසායකයින් බවට පත් කරලීම වෙනුවෙන් එකක බිත්තර 176 කධාරිතාවයකින් යුත් බිත්තර රැක්කවීමේ යන්ත්‍ර (Inqbertor)) 100 ක්
ප්‍රධානයක් ලෙස ලබාදී ඇත.  මෙම සංකල්පය ක්‍රියාත්මක කිරිමේ පලමු අධියර ලෙසට මෙම යන්ත්‍ර 100 ලබා දී ඇති අතර ලබා ගන්නා සාර්ථක අත්දැකීම් මත ඉදිරියේදි යන්ත්‍ර ලබාදීමේ
 කටයුතු පුළුල් කිරිමටද සැලසුම් සකස් කර ඇත.

 

විශේෂයෙන් කාන්තා මුලික පවුල් තෝරා මෙම යන්ත්‍ර පිරිනැමීමට සැලසුම් කර ඇති අතරම යන්ත්‍ර මඟින් නිෂ්පාදනය කරන කිකිළි පැටවුන් මඟින් කාන්තා මුලික ස්වං රැකියා රාශියක් බිහිකිරිමේ නවමු
වැඩසටහනක් ලෙස සැලසුම් කිරිම, නියාමනය හා වාර්තාකරණය සඳහා ගරු අග්‍රාමාත්‍යතුන්ගේම යෝජනාව අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වෙත වගකීම් පවරා ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරිම මෙන්ම ග්‍රාමීය ළමා මන්දපෝෂණ තත්ත්වයට පිළියම් ලෙස පාසැල් දිවා ආහාර වැඩපිළිවෙල සඳහා අවශ්‍ය බිත්තර නිෂ්පාදනය කිරිමටද
අපේක්ෂා කරන බැවින් දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සහ දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය ලේකම් පරිපාලන යාන්ත්‍රනයද සමඟ ඒකාබද්ධව කටයුතු කිරිමට තීරණය කොට තිබීම මඟින් වඩා සාර්ථක
ව්‍යාපෘතියක් බවට පත් වනු ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් වසර ගණනාවක සිට පවත්වාගෙන යනු ලබන ගම් කුකුල් පාලනය සඳහා අවශ්‍ය කිකිළි පැටවුන් නොමිලයේ ලබාදීමේ වැඩසටහනෙහි සාර්ථක අත්දැකීම් මෙම
නවමු ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ කිරිම තුළ ගරු අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්ත වන ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් බවට මෙම කුඩා පරිමාණයේ බිත්තර රැක්කවීමේ යන්ත්‍ර ලබාදීම පත්වනු ඇති අතර එවැනි
ව්‍යාපෘතියක මෙහෙයුම් වගකීම විශ්වාසයෙන් හදබිම වෙත පවරා තිබීම ඉතාමත්ම සතුටට කරුණකි.

 

Category: