Hadabima Authority

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව සභාපතිතුමිය වැඩභා ගැනීම


 

2024.10.16 දින පස්වරුවේ ශ්රී ලංකා හදබිම අධිකාරියේ අභිනව සභාපති (වැ.බ.) ලෙස පත්වූ කෘෂිකර්ම අමාත්යාංශයේ පොහොර අංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන දිස්නා රත්නසිංහ මහත්මිය විසින්
සභාපති ධූරයේ වැඩ භාරගන්නා ලදී. පසුව සභාපතිතුමිය විසින් ශ්රි ලංකා හදබිම අධිකාරියේ වර්තමාන තත්වය, 2024 වර්ෂයේ ප්රගතිය සහ 2025 වර්ෂය සඳහා පවතින සැලසුම් පිළිබඳ විධායක නිලධාරින් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට විධායක අධ්යක්ෂ (වැ/බ) ඒ.එම්.ඩබ්. බී. තිලකරත්න මහතා, නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා, සහකාර අධ්යක්ෂ (ව්යාපෘති සහ සැලසුම්) ඉෂානි ජයවීර මහත්මිය, සහකාර අධ්යක්ෂ (කෘෂිකර්ම වැ.බ.) නිමල් තිලකරත්න මහතා සහ පරිපාලන නිලධාරී විනීතා කෝනාර මහත්මිය සහභාගී විය.


   

   

  

 

Category: