Hadabima Authority

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි මැතිතුමාගේ ආශිර්වාධයෙන් .........

ශ්රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්රසිරි මැතිතුමාගේ ආශිර්වාධයෙන් ශ්රී ලංකා හදබිම අධිකාරියට 2023-12-04 වන දින පත්ව ආ සඳමාලි හේවගේ මැතිණිය (විධායක අධ්යක්ෂතුමිය) ලෙස වැඩ භාරගත් සුභ මොහත. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේ වසන්ත තිලකරත්න මහතා වැඩබලන විධායක අධ්යක්ෂ , කණිශ්ක කහපොල මහතා (නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන), හෂාන් තිලකරත්න මහතා සහකාර අධ්යක්ෂ (පාලන), ඉෂානි ජයවීර මිය සහකාර අධ්යක්ෂ (සැලසුම්) ඇතුළු අධිකාරියේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.

 


කාන්තා මුලික ආර්ථික වැඩසටහනකට චීන සහාය ..............................

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය සඳහා ඉතා වැදගත්වන කුඩා පරිමාණ ව්‍යවසායකයින් බිහි කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සඳහා චීනයේ යුහාන් ප්‍රාන්තයේ සහයෝගය ලබා ගැනීමට
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මැතිතුමාගේ පසුගිය චීන නිල සංචාරයේදී හැකියාව ලැබී තිබේ.  මේ යටතේ ග්‍රාමීය මට්ටමින් කුකුල් ගොවිපල ඇති කිරිම සඳහා අඩු අදායම් ලාභි
පවුල් යොමු කරමින් ඔවුන් කුඩා පරිමාණ ව්‍යවසායකයින් බවට පත් කරලීම වෙනුවෙන් එකක බිත්තර 176 කධාරිතාවයකින් යුත් බිත්තර රැක්කවීමේ යන්ත්‍ර (Inqbertor)) 100 ක්
ප්‍රධානයක් ලෙස ලබාදී ඇත.  මෙම සංකල්පය ක්‍රියාත්මක කිරිමේ පලමු අධියර ලෙසට මෙම යන්ත්‍ර 100 ලබා දී ඇති අතර ලබා ගන්නා සාර්ථක අත්දැකීම් මත ඉදිරියේදි යන්ත්‍ර ලබාදීමේ
 කටයුතු පුළුල් කිරිමටද සැලසුම් සකස් කර ඇත.

 

විශේෂයෙන් කාන්තා මුලික පවුල් තෝරා මෙම යන්ත්‍ර පිරිනැමීමට සැලසුම් කර ඇති අතරම යන්ත්‍ර මඟින් නිෂ්පාදනය කරන කිකිළි පැටවුන් මඟින් කාන්තා මුලික ස්වං රැකියා රාශියක් බිහිකිරිමේ නවමු
වැඩසටහනක් ලෙස සැලසුම් කිරිම, නියාමනය හා වාර්තාකරණය සඳහා ගරු අග්‍රාමාත්‍යතුන්ගේම යෝජනාව අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වෙත වගකීම් පවරා ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරිම මෙන්ම ග්‍රාමීය ළමා මන්දපෝෂණ තත්ත්වයට පිළියම් ලෙස පාසැල් දිවා ආහාර වැඩපිළිවෙල සඳහා අවශ්‍ය බිත්තර නිෂ්පාදනය කිරිමටද
අපේක්ෂා කරන බැවින් දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සහ දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය ලේකම් පරිපාලන යාන්ත්‍රනයද සමඟ ඒකාබද්ධව කටයුතු කිරිමට තීරණය කොට තිබීම මඟින් වඩා සාර්ථක
ව්‍යාපෘතියක් බවට පත් වනු ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් වසර ගණනාවක සිට පවත්වාගෙන යනු ලබන ගම් කුකුල් පාලනය සඳහා අවශ්‍ය කිකිළි පැටවුන් නොමිලයේ ලබාදීමේ වැඩසටහනෙහි සාර්ථක අත්දැකීම් මෙම
නවමු ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ කිරිම තුළ ගරු අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්ත වන ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් බවට මෙම කුඩා පරිමාණයේ බිත්තර රැක්කවීමේ යන්ත්‍ර ලබාදීම පත්වනු ඇති අතර එවැනි
ව්‍යාපෘතියක මෙහෙයුම් වගකීම විශ්වාසයෙන් හදබිම වෙත පවරා තිබීම ඉතාමත්ම සතුටට කරුණකි.

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ පරිසරය .........

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ප්‍රධාන  කාර්යාලය පිහිටි පරිශ්‍රය හරිත පැහැ ගැන්වීම සඳහා
මෙවන විට කටයුතු සුදානම් කරමින් පවති. අවිදිමත්ව පැවැති අවට පරිසරය මේ වන විට සකස් කරමින් එළවළු බෝග වගා කරමින් වඩා විධිමත් ආකාරයකට සකස් කරමින් ඇත. මෙහි විශේෂ අවස්ථාවන්  .......... 

 

 

    

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2023 වර්ෂයේ වවුනියාව දිස්ත්‍රික්කයේ

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2023 වර්ෂයේ වවුනියාව දිස්ත්‍රික්කයේ වෙන්ගල් සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරිකට්ටු ග්‍රාම නිලධාරී වසමේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන (Smart Village) වැඩසටහනට අදාල තෝරාගත් ගොවීන්ට ප්‍රථිලාභ ලබා දීම පසුගිය 2023.10.13 වන දින ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කාදර් මස්තාන් මැතිතුමන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. තිලිපන් මැතිතුමන්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමන්, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ගරු සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමන්, වවුනියාව දිස්ත්‍රික් ලේකම්තුමන් හා සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.


මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දායකත්වය යටතේ ගෙවතු 190ක් සදහා ගෙවතු උපකරණ කට්ටල, පැල හා දියර පොහොරද, කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම උදෙසා ගොවීන් 100ක් සදහා උපකරණ කට්ටල හා ERP පොහොර 100ක්ද, අඹ වගා කරන ගොවීන් සදහා TJC අඹ පැල සංකේතාත්මකව ලබා දීමද සිදු කරල ලදි.
මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කනිෂ්ක කහපොල මහතා, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී නිමල් තිලකරත්න මහතා, කලාප නිලධාරී D.V.A දහනායක මහතා හා ඒකක කලමනාකාර හර්ෂ නුවන් මහතා සහභාගී විය.

සංවිධානය

D.V.A. දහනායක - කලාප නිලධාරී
හර්ෂ නුවන් - ඒකක කලමනාකරු