ආහාර සුලභතාවය හා සුරක්ෂිතතාව තහවුරු වූ නිරෝගිමත් සමෘද්ධිමත් ප්‍රජාවක් බිහිකිරිම අරමුණු කරමින් 2024 ක් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් යටතේ මහනුවර ,මාතලේ ,හම්බන්තොට , අනුරාධපුරය ,බදුල්ල ,වන්නි ,කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අතිරේක ආහාර භෝග වගා කිරීමට විභවතාවයක් සහිත ප්‍රාදේශී ලේකම්කො ට්ඨාශයන්හි අතිරේක ආහාර භෝග වගා කිරීම සඳහා උනන්දුවක් සහ ඒ සඳහා කැපවීමක් දක්වන ගොවීන් තෝරාගෙන කව්පි ,මුං ,රටකජු , කුරක්කන් ,මිරිස් ,උඳු යන භෝග හෙක්ටයාර් 100 වගා කිරීම සඳහා සැලසුම් සකස් කරන ලදී. ඒ අනුව අදාළ ගොවීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමෙන් අනතුරුව ගුණාත්මක බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන නියමිත කාලවකවානු තුල බෙදා හැරීමට කටයුතු කරන ලදී.
ඒ අනුව එම වැඩසටහන් ක්ෂේත්‍රයේ දැනටමත් සාර්ථකව සිදුවෙමින් පවතින අතර එහි පසු විපරම් කටයුතු නිරන්තරයෙන් සිදුකරමින් පවතී. සමස්ථ වැඩසටහන සඳහා රුපියල් මිලියන 05 මුදලක් වැය කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ , ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාලව සියඹලෑව වසමේ අතීරේක ආහාර භෝග වගා වැඩසටහන යටතේ ක්‍රියාත්මක (කුරක්කං, මුං හා කව්පි වගාවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන් කලාප කලමනාකරු ඒම්.ඒම්.මිල්ටන් මහතා මහතා හා ඒකක කලමණාකාරු ඒම්.අහංගම මිය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture