ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථික හා පෝෂණය යහපැවැත්ම සංවර්ධනය කිරීමේ අරමුණින් 2024 වර්ෂයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාපෝෂණ වැඩසටහන ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි ප්‍රජාව සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන මඟින් පවුලේ පෝෂණය ඉහළ නැංවීමත්, අතිරේක ආදායම් උත්පාදනය හා වෙළඳපොල බිත්තර සුලභතාවය ඉහළ නැංවිමත් අරමුණු කරගනිමින් 2024 වර්ෂය තුලදී මසක් වයසැති ගම් කුකුල් පැටවුන් 45,000 ක් ගොවි පවුල් වෙත නොමිලයේ බෙදා දී ඇත.
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture