ගෝලීය උණුසුම ඉහළයාම, දේශගුණික විපර්යාසයන් හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම හේතුවෙන් ප්‍රජාවගේ ජීවන තත්වයන් පවත්වාගෙන යාම කෙරෙහි දැඩි තර්ජනයක් සිදුකරමින් පවති. මෙවැනි තත්වයන් තුල ඉදිරියෙදි ඇතිවන පාරසරික බලපෑම් අවමකර ගැනීමටත් ,ජල සම්පත් සුරක්ෂිතව මනා කළමණාකරනයකින් යුතුව පරිහරණය කිරිමත් අත්‍යාවශ්‍ය කාරණයක් වි ඇත. ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රමුඛ වගකිම් සහිත කාර්‍ය්භාරයක් ලෙස දිවයිනේ ස්වභාවික ජල මුලාශ්‍ර සංරක්ෂණය හා මනා ජල කළමනාකරණය තුලින් පාරසරික සමතුලිතතාවය රැකගැනිමත් ප්‍රජාවගේ පානිය, කෘෂි කාර්මික ඇතුලු විවිධ කාර්යයන් සදහා ජල අවශයතා සපුරාලීමත් අරමුණුකර ගනිමින් ජලමුලාශ්‍ර සංරක්ෂණ හා ජලකලමණාකරණ වැඩසටහන ක්‍රියාත්මක වේ.
මේ යටතේ ජලමුලාශ්‍ර ආශ්‍රීත ඉදිකිරීම්, පැල සිටවීම් ,පවිත්‍රතාවැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. මෙම වසරේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 28 කට ආසන්න මුදලක් වෙන්කර ඇත.
© Hadabima Authority of Sri Lanka | Design & Developed by National Agriculture Information & Communication Centre, Department of Agriculture