අර්ධ ගෘහාශ්‍රිත කුකුළු පාලන වැඩසටහන

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් අතරින් ගොවීන් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනකි. අධිකාරියේ සංවර්ධන වැඩසටහන් සඳහා හදුණාගනු ලබන ගොවීන් ග්‍රාමීය අඩු අදායම් ලබන ගොවීන් වන අතර බෝහෝවිට ඔවුන් දරිද්‍රතාවයෙන් පහල මට්ටමක ශ්‍රේණිගත කළ හැකිය. මෙම තත්ත්වය හේතුවෙන් බෝහෝ දෙනෙකු ග්‍රාමීය මන්දපෝෂණ තත්ත්වයේ පෙලෙනු දක්නට ඇත. ඒ් සඳහා හේතු වී ඇත්තේ ඒම ප්‍රදේශවල පවතින සත්ත්ව ප්‍රෝටීනමය හිගය හා අධික දුගී භාවයයි. මෙම තත්ත්වයෙන් මොවුන් ගොඩ ගැනීම සඳහා කුඩා මට්ටමේ සත්ත්ව පාලන වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන හදබිම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බල ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති අතර 2026 වර්ෂයේදීද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.

  • කුකුල් පාලන වැඩසටහන් අතරිිි හදුණාගන්නා ගොවි ප්‍රජාව සඳහා අර්ධ ගෘහාශ්‍රිත කුකුල් පාලන වැඩසටහන යටතේ කුකුල් පැටවුන් 50,000 ක් ලබා දීමට ඉලක්ක කර ඇති අතර එ සඳහා රු. 50,000,000.00 මුදලක් වැය කිරිමට අපෙක්ෂිතය. 
  • ග්‍රාමීය ප්‍රජාව අතර බිත්තර දමන කිකිළින් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.  මෙම වැඩසටහන සඳහා ගොවි පවුල් 100 ක් හදුණා ගැනීමට සැලසුම් සකස් කර ඇති අතර මේ සඳහා රු. 10,000,000.00 මුදලක් වැය කිරිමට අපේක්ෂිතය.
Total Views
3,228,718
Unique Visitors
1,524,238

Contact Info