පාංශු සංරක්ෂණ වැඩසටහන


ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් අතරින් වඩාත් ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන ලෙස මෙම වැඩසටහන හදුන්වාදීමට හැකිය. මධ්‍යම කදුකරය ප්‍රමුඛ කරගත් ප්‍රදේශ තුල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 2026 වර්ෂය් දීද හදුණාගන්නා ලද ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශ පාදක කරගනිමින් හෙක්ටෙයාර 1350 ක් සංරක්ෂණය කිරිමට සැලසුම් සකස් කර ඇත. ඒ සඳහා රු. 67,500,000.00 මුදලක් වැය කිරිමට අපේක්ෂිතය.
මෙම වැඩසටහන යටතේ අදාල ඉඩම් තුල පාංශු ඛාදනය අවම කර ගැනීම සඳහා ජීව විද්‍යාත්මක, බෝග  විද්‍යාත්මක හා යාන්ත්‍රික සංරක්ෂණ ක්‍රම භාවිතා කර ඉඩමේ පාංශු ඛාදනය අවම කිරිමට පියවර ගනු ලැබේ.
 
  • ජීව විද්‍යාත්මක- දෙවැටි, තෘණ වැටි , සැවැන්දරා වැටි, ආවරණ වගා, වන වගා හෝ බහු වාර්ෂික බෝග
  • බෝග  විද්‍යාත්මක-වසුන් යෙදීමථ සමෝච්ච පේළි මත සිටුවීම, කාබණික පොහොර භාවිතය, අවම පස සැකසීම, වරණිය වල් මර්ධනය, 
  • යාන්ත්‍රික සංරක්ෂණ ක්‍රම-ගල් වැටි, කුට්ටි කාණු, නෙත්ති කාණු, හෙල් මළු, පස් වැටි
 
පාංශු සංරක්ෂණ ක්‍රම වඩාත් විද්‍යාණුකූල ලෙස ස්ථාපිත කිරිම සඳහා ගොවි ප්‍රජාව වෙත ප්‍රායෝගික, න්‍යායාත්මක හා නායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරිම තුළින් අවශ්‍ය දැණුම ලබාදීමට කටයුතු කරනු ලබයි. 
මෙ සඳහා හදුණාගත් ගොවි ප්‍රජාව අඩු ආදායම් ලාභී ග්‍රාමීය ප්‍රජාව වේ. මෙම කාර්ය ඔවුන් මඟින් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඔවුන් සතුව නොමැති බැවින් ඒ් සඳහා පාංශු සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන  ප්‍රමාණය අනුව ගොවීන් වෙත ගෙවීම් සිදු කරනු ලබයි. 
Total Views
3,228,715
Unique Visitors
1,524,236

Contact Info