පාසැල් පාදක පාරිසරික වැඩසටහන

” Clean Sri Lanka” සංකල්පයට සමගාමීව ස්වභාවික පරිසරය ආරක්ෂා කිරිම, පරිසර සංරක්ෂණය , කාලගුණ විපර්යාෂ අවම කිරිම , පරිසරය සුරකීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය ආදි කරුණු පිළිබඳ පාසැල් ප්‍රජාව දැනුවත් කිරිමත් , පරිසර හිතකාමි වැඩසටහන් ප්‍රවදර්ධනය කිරිමත් මෙහි අරමුණු වේ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන පාසැල් පරිසරික වැඩසටහන් යටතේ 2026 වර්ෂයේ පාසල් පාදක පාරිසරික වැඩසටහන් 41 ක් ක්‍රියාත්මක කිරිමට ඉලක්ක කර ඇති අතර ඒක් පාසලක් සඳහා රු. 50,000.00 ක මුදලක් වැය කිරිමට අපේක්ෂිතය. එ අනුව රු.2,050,000.00 මුදලක් ඇස්තමේන්තු කර ඇත.

” Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව අපේ දරු පරපුර තුළ පරිසර හිතකාමි ධනාත්මක ආකල්ප සංවර්ධනය කරවීම මුලික අරමුණු කොට ගනිමින් ව්‍යාපෘතිය සිදු කෙරේ. අධ්‍යාපනික ප්‍රදර්ශන පැවැත්වීම සහ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒ තුළින් පාසැල් දරුවන් කෘෂිකාර්මික කටයුතු කෙරෙහි යොමු කිරිම හා ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැජවීම සඳහා පාසැල් දරුවන් සමඟ ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මෙහි අරමුණයි.
Total Views
3,236,881
Unique Visitors
1,530,762

Contact Info