වාණිජ මට්ටමේ ගෙවතු ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහන

ආහාර සුරක්ෂිතතාවය, වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගනිමින් වණිජ ගෙවතු වගාව සඳහා ගොවීන් දිරි ගැන්වීම මෙහි අරමුණ වේ. මෙහිදී බටු, මිරිස්, මාළු මිරිස්, නයි මිරිස් වැනි වගාවන් සඳහා ගොවීන් දිරිගැන්වීම වෙනුවෙන් අවම වශයෙන් අක්කර 1/4 , වගාවකට අවශ්‍ය පැළ 300 ක් පමණ හා අනෙකුත් යෙදවුම් ලබා දීමට නියමිතය.

ආර්ථික බෝග වගා ප්‍රවර්ධනය

මේ යටතේ ආර්ථික බෝග පැළ 55,000 ක් රෝපණය කිරිම මෙහි අරමුණ වී තිබේ. අවශ්‍ය පැළ අධිකාරිය මඟින් ලබා දෙන අතර පොල්, තැඹිලි, දෙහි, කුරුදු, ගම්මිරිස් ආදි පැළ ලබා දීමට සැලසුම් කර ඇත. අවම වශයෙන් අක්කර 1/4 වත් වගාවක නිරතවිය යුතුය.

වගාවන් සඳහා වන සතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීම

ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ගෙවතු වගාව සිදු කරන කලාප වල ‌ගොවීන්ගේ බෝග වන සතුන්ගෙන් ආරක්ෂා කිරිම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම උදෙසා සුර්ය තාප විදුලි වැට, ආරක්ෂිත දැල් හා වායු රයිෆල් ලබාදීමට මෙම වැඩසටහන හරහා සැලසුම් කොට ඇත.  මෙම වැඩසටහන 50% දායකත්වය මත ක්‍රියාත්මක කරන වැඩසටහනකි.

වාණිජ මට්ටමේ මී මැසි පාලනය සඳහා දිරිගැන්වීම

වාණිජ මට්ටමින් මී මැසි පාලනය සිදු කරනු ලබන ව්‍යවසායකයින් සහ ඒ් සදහා යොමු වීමට කැමැත්තක් සහිත ප්‍රතිලාභීන් හදුණාගෙන ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව සහ යෙදවුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ. 50 % ප්‍රජා දායකත්වය මෙම ව්‍යාපෘතිය සඳහා ගොවීන් ලබා දිය යුතුය.  රු. 100,000.00 වටිනා යෙදවුම් ඒක් ප්‍රතිලාභීයෙක් සඳහා ලබා දේ.

බිම්මල් නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් බිහි කිරිම

හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බල ප්‍රදේශයන් හි හදබිම සංවර්ධනය වැඩසටහන් හා සම්බන්ධවන ගොවීන්ගෙන් මෙම වැඩසටහන හා සම්බන්ධ කරමින් බිම්මල් නිෂ්පදනය කරන ව්‍යාවසායකයින් රටට  දායාද කිරිම මුලික අපේක්ෂාවයි. ඒමගින්ල් ආර්ථික වශයෙන් ගොවීන් ශක්තිමත් කරලීම ද මෙහි මුලික අරමුණකි. 

මේ සඳහා රු. 2,300,000.00 මුදලක් වැය කිරිමට අපේක්ෂිතය.

අගය ඒකතු කිරිමේ නිෂ්පාදන ව්‍යවසායකයින් බිහි කිරිම

මෙම වැඩසටහන යටතේ අගය ඒකතු කිරිමේ කෘෂි නිෂ්පාදන කටයුතු දැනටමත් සිදු කරනු ලබන ව්‍යවසායකයින් හා ඒ් සඳහා යොමු වීමට කැමැත්තක් දක්වන ප්‍රතිලභීන් හඳුණාගෙන ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණව හා යෙදවුම් ලබාදීම මෙ වැඩසටහනේ අරමුණයි.

මේ සඳහා රු. 5,175,000.00 මුදලක් වැය කිරිමට අපේක්ෂිතය.

Total Views
3,229,523
Unique Visitors
1,524,662

Contact Info