1978 වර්ෂයේ අංක 11 දරණ කෘෂිකාර්මික නීතිගත සංස්ථා පනතට අනුව 1978 වර්ෂයේ ස්ථාපිත කරන ලද ජාතික කෘෂිකාර්මික බෝග විවිධාංගිකරණ හා ජනපද අධිකාරිය ලෙසින් ස්ථාපිත කරන ලද මෙම ආයතනය වෙත පැවරුණු මුලික බලතල වනුයේ .........,
1. කෘෂිකාර්මික විවිධාංගිකරණ ජනපද සංවර්ධනය හා ජලාධාර ප‍්‍රදේශ කළමණාකරනය.
2. ආයතනයට පවරා ඇති ඉඩම් උපරිම ඵලධායිතාවයට ලක් කිරිම සඳහා පරිසර සංරක්ෂණය හා ජලසම්පත් සංරක්ෂණය.
3. කෘෂිකාර්මික නිෂ්පාදනය සැකසීම හා අලෙවිය.
4. කෘෂිකාර්මික විවිධාංගිකරණය හා ජනපද සංවර්ධනය සඳහා යෝග්‍ය වන උපකරණ හා යන්ත්‍රෝපකරණ සැපයීම, නඩත්තු කිරිම සහ ක‍්‍රියාත්මක කිරිම.
මෙම බලතල උපයෝගි කරගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ ආශ්‍රිත ජනපද හා මහා ජලපෝෂකයන්ට අයත් සංවේදි පරිසර කලාපයන් හා කෑගල්ල දිස්ත්‍රික්කයේ මා ඔය ජලපෝෂක ප්‍රදේශයට අයත් සංවේදි පරිසර කලාපය ආවරණය කරගනිමින් ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ජානපදිකයන් අතර බෙදා දෙන ලද අක්කර 5000 ක ඉඩම් ප්‍රමාණය සංවර්ධනය කිරිම අධිකාරියේ මුලික සංවර්ධන ඉලක්කය බවට පත්වියග මෙම කාර්ය සදහා ලෝක බැංකව හා ලෝක ආහාර සංවිධානය මගින් ආධාර ලබාදෙන ලදි.

යටත් විජිත සමයේ වැවිලි ආර්ථිකයට හසුව පාංශු ඛාදන හා පාංශු හායනය හේතුවෙන් දැඩි ලෙස ආන්තික බවට පත් මෙම ඉඩම් සංරක්ෂණය හා සංවර්ධනය කිරිම මෙම අධිකාරිය යටතේ සිදු කරන ලද අතර එමගින් මධ්‍ය කදුකරයේ පාරිසරික සංවේදි ප‍්‍රදේශයන්හි දිර්ඝ කාලයක් තුල සිදු වු පරිසර අසමතුලිත තාවය අවම කර ඉලක්ක ගත ඉඩමි අක්කර 5000 ක ප්‍රමාණය ඵලදායි කෘෂි නිෂ්පාදන ඒකක බවට පරිවර්තනය කිරිමට හැකියාව ලැබි ඇත. ව්‍යාපෘති කාලසිමාවේ මෙම ඉලක්ක සපුරාලීමෙන් අනතුරුව අධිකාරියේ කාර්ය භාරය තවදුරටත් ව්‍යාප්ත කිරිම පිළිබද 1990 වර්ෂයේ දි කරන ලද සක්‍යතා අධ්‍යනයකින් පසුව අධිකාරියේ කාර්ය සාධනය හා ව්‍යාපෘති බලප‍්‍රදේශ තව දුරටත් පුළුල් කරමින් ක්‍රියාත්මක කිරිම පිළිබදව නිර්දේශ විය.
ඒ අනුව 1991 වර්ෂයේ අංක 687රැු15 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකාරියේ නිල නාමය "ශ්‍රී ලංකා හරිත දනව් බිම් සංවර්ධනය කිරිමේ මධ්‍යම අධිකාරිය” ලෙස සංශෝධනයට ලක්ව ව්‍යාපෘති බල ප‍්‍රදේශ මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර, හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්ට ව්‍යාප්ත කරන ලදි. මෙම අධිකාරිය සදහා ලබාදෙන ලද ලෝක ආහාර අධාර අවසන් වු පසු එතැන් පටන් මෙ දක්වා අධිකාරියේ කටයුතු මහා භාණ්ඩාගාරයේ මුල්‍ය ප්‍රතිපාදන මත සිදු කරගෙන යනු ලබයි.
ඒ අනුව මහා භාණ්ඩාගාරයේ වාර්ෂික මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් මත වාර්ෂිකව අධිකාරිය විසින් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාත්මක සැලැස්මට අනුව මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු ලබයි.
ආරම්භ විය.
1991 - ශ‍්‍රී ලංකා හරිත දනව් බිම් සංවර්ධනය කිරිමේ මධ්‍යම අධිකාරිය (හදබිම අධිකාරිය) ලෙස නාමය
වෙනස් කරන ලදි.

ශ්රී ලංකා හදබිම අධිකාරිය පිහිටුවීම හා එහි බලතල
1978 - ජාතික කෘෂිකාර්මික විවිධාංගීකරන හා ජනපද සංවර්ධන අධිකාරිය (NADSA) ලෙසආරම්භ විය.