Hadabima Authority

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේදී

ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව ,ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය ඉහල නැන්විම හා තිරස ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ප්‍රතිලාභීන් 75 දෙනෙකු සඳහා  කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහන,  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ  ගරු සභාපති  සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ  අද දින (2022-11-18)  ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේදී පැවැත්විය.

මේ සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකා හදබිම අධිකාරිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා සහභාගි විය. මෙම උත්සවයේ සංවිධාන කටයුතු කලාප නිලධාරී ලක්ෂාන් අදිකාරි මහතා සහ ඒකක කළමනාකරු නිම්කා විජේතුංග මහත්මිය විසින්  සිදුකල අතර වෙනුර අතුකෝරල, සුභානි සරච්චන්ද්‍ර සහ ගයාත්‍රී රණතුංග යන මහත්ම මහත්මීන් මේ සඳහා සහයෝගය ලබා දෙන ලදී.
මෙහිදි ප්‍රතිලාභීන් සඳහා උදැල්ලක්,උදලු මුල්ලුවක්, ජලය ඉසින  මල් බාල්දියක්,තාච්චියක් , සවලක් , පොල් පැලයක් හා බීජ කට්ටලයක් බැගින් පිරිනමන ලදි.