Hadabima Authority

ශ්‍රී ලංක හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපල කුකුළු ගොවිපලක් ලෙස

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා  මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ශ්‍රි ලංකා  හදබිම අධිකාරිය මඟින් එලැබි අවබෝධතා ගිවිසුමට අනුව  පල්ලෙකැළේ  ගොවිපොළ  කුකුළු ගොවිපොළක් ලෙස තව දුරටත් වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් එම ඉදිකිරීම් ආරම්භ කිරීමේ කටයුතු 2023.05.10 වන දින උදෑසන යෙදුනු සුභ නැකතින් සිදුකෙරිනි.

දැනට පල්ලෙකැලේ ගොවිපළ තුළ දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වන  අතර එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ  නැංවීමත්, 700 වන මව් කිකිළි  ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීමත්, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් මෙහි අරමුණ වේ.


මෙම වැඩසටහන සඳහා ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, විධායක අධ්‍යක්ෂක කුමුදු කරුණාරත්න මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක කණිෂ්ක කහපොල මහතා ඇතුළු සහකාර අධ්‍යක්ෂකවරුන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරින් දෙපල, පල්ලෙකැලේ ගොවිපළ අධීක්ෂණ නිලධාරි, කලාප නිලධාරීන්, ගොවිපළ කලමණාකරු, අතිරේක ස්ථානභාර නිළධාරි ඇතුළු ගොවිපළ කාර්යමණ්ඩලය සහ සුළු සේවකයන් එක්වූ අතර මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ මෙහෙයුම් ප්‍රධානි ඇතුළු නිලධාරීන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි වූහ.