ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2026 වර්ෂයෙි ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරිමේ අරමුණින් ග්‍රාමීය ප්‍රජානායකයින් පුහුණු කිරිමේ වෑඩසටහනක්
ආරම්භ කර ඇත. ඒ් යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම්වලින් තෝරාගත් ග්‍රාමීය නායකින් 74 දෙනෙකු පුහුණු කිරිමේ
වැඩසටහනක් 2026-09-22 හා 23 දෙදින තුල ග්‍රාමී සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේදී ඉතා සාර්ථකය පැවැත් විණි.
මෙහි සමාරම්භක හා අවසන් අධියරය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ආර්.ඩි.සිරිපාල මැතිතුමා , විධායක අධ්‍යක්ෂතුමිය ඒ.කේ.පේරුසිංහ මිය , ඉෂාණි ජයවීර මිය (සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා සැලසුම්) ,
උපුල් ජයතිලක මහතා (සහකාර අධ්‍යක්ෂ- සංවර්ධන) ඇතුළු කළාප කළමණාකාරුවන් හා
ඒ්කක කළමණකාරුවන්ගේ සහභාගී වුහ.
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රමුකතම සංවර්ධන වැඩසටහන වන පාංශු සංරක්ෂණය වැඩසටහන හා ජල මුලාශ්‍ර සංරක්ෂණ වැඩසටහන ප්‍රජාව සම්බන්ද කර ගැනීම, ප්‍රජාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම හා
වැඩසටහන සඳහා අවශ්‍ය සහය ලබාදීම සඳහා මොවුන් ප්‍රජා නායකයින් ලෙස පුහුණු කරණ ලදි.









