ජල මුලාශ්‍ර හා දියකඳුරු සංරක්ෂණය

2026 වර්ෂය තුළ ද ප්‍රධාන සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන ජල මුලාශ්‍ර හා දියකඳුරු සංරක්ෂණය කිරිමේ වැඩසටහන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බල ප්‍රදේශයන්හි සංවේදි පරිසර කලාපයන්හි ඇති ජල මුලාශ්‍ර පාදක කරගනිමින් ක්‍රියාත්මක වැඩසටහනකි. 

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත්ව ඇති ජල මුලාශ්‍ර වල ජලය විශාල ලෙස දුෂණයට හා අපවිත්‍රතාවයට ලක්ව ඇත. 

ජල මුලාශ්‍රවල අවට වන ආවරණය ඉවත්වීම හේතුවෙන් ජල මුලාශ්‍රවල ධාරිතාවය අවම වී ඇති අතරම තැන තැන දමා යන කැළි කසලවලින් ගහන වී ඇත. මෙම තත්ත්වය අවම කිරිම අරමුණු කරගනිමින් මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන ප්‍රතිපාදන යොදා ගෙන එම ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරිම මෙහි අරමුණ වේ.

අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බල ප්‍රදේශ තුල හදුනාගන්නා ජල මුලාශ්‍ර 41  ක් සංරක්ෂණය කිරිමටත්, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරිම සඳහා රුක් රෝපණ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත. එ යටතේ ජල කාමි පැළ 20,000 ක් රෝපණය කිරිම සඳහා ඉලක්ක කර ඇත. 

Total Views
3,228,716
Unique Visitors
1,524,237

Contact Info