විෂයාණුබද්ධ තාක්ෂණික පුහුණු වැඩසටහන - 2026

පාංශු සංරක්ෂණ කටයුතු සඳහා හදුණාගන්නා ලද ගොවීන්ට විධිමත් විද්‍යායාණුකූල ව පාංශු සංරක්ෂණ කටයුතු තම ඉඩමේ සිදු කරන ආකාරය පිළිබඳ න්‍යායාත්මක හා
ප්‍රායෝගික පුහුණුව ලබාදීම වෙනුවෙන් මෙම ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒහිදි ඒක් ඒක් ඉඩම්වල විභවතාවය අනුව පාංශු සංරක්ෂණ ක්‍රම හදුණා ගැනීම වැනි විෂය ක්ෂේත්‍ර
පිළිබද දැනුවත් කිරිම සිදු කරනු ලබයි. ඒ් අනුව මේ වර්ෂයේ හදබිම පාංශු සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

වැඩිදුරටත් මෙමගින් තම ඉඩමේ බෑවුම මැනීම, ඉඩමට යොදන පාංශු සංරක්ෂණ ක්‍රම (ගල් වැටි, කුට්ටි කාණු, ආදි පාංශු සංරක්ෂණ ක්‍රම) හදුණා ගැනීම මඟින් තම ඉඩම් පාංශු ඛාදනයෙන් ආරක්ෂා
කර ගැනීමට ගොවියාට හැකියාව ලැබේ.

  • 2026 වර්ෂයේදී තාක්ෂණික පුහුණු වැඩසටහන් 82 ක් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සිදු කිරිමට සැලසුම් සකස් කර ඇත.  මේ සඳහා රු. 2,050,000.00 මුදලක් වැය කිරිමට අපේක්ෂිතය
  • තෝරා ගන්නා ලද ජලපෝෂක ප්‍රදේශ පාදකව මුලික දැනුවත් කිරිමේ වැඩසටහන් 41 ක් සිදු කිරිමට ද සැලසුම් සකස් කර ඇත.  මෙ සඳහා 1,025,000.00 මුදලක් වැය කිරිමට අපෙක්ෂිතය.
Total Views
3,230,464
Unique Visitors
1,525,389

Contact Info