ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගොවි උපකරණ කට්ටල බෙදා දීම - යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ "  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කාබනික පොහොර නිෂ්පාදනය හා ප්‍රචලිත කිරිමේ  වැඩසටහනට සමගාමීව  ශ්‍රී  ලංකා හදබිම අධිකාරියේ  ඉඩම් ඵලදායිතාවය උපරිම මට්ටමට ගෙනඒමේ  2021 වර්ෂයේ කාබනික පොහොර නිෂ්පාදන  වැඩසටහන අනුව  කාබනික පොහොර නිෂ්පාදනය  කරන  ගොවීන්හට  උපකරණ කට්ටල බේදාදීමේ උත්සවය පසුගිය දා (2022-01-25 දින)  පැවැත්විණ.

යටවත්ත ප්‍රාදේශීය සභාවේ  සභාපති ලාල් අතපත්තු මැතිතුමන් හා  කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය ගරු  මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන්ගේ සම්බන්ධීකාරක නිලධාරි  රනිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්  යටවත්ත ප්‍රාදේශීය ලේකම් ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට   ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.ඒ.ජී.ලීලාවති යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.

මෙම අවස්ථාවේදී යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ගොවීන් 96 ක් සඳහා රුපියල් 387,936.00 වටිනා  ගොවි උපකරණ කට්ටල බෙදා දෙණු ලැබිණ.

කළාප කළමණාකරු ශාලිකා ගම්ලත් , ඒකක කළමණාකරුවන් වන එච්.එම්.යු.අයි.අබේවර්ධන, ඒ.ආර්.එම්.එච්.සී.එස්.රත්නායක, හා ආර්.පි.ටි.ජී.රණසිංහ  යන මහත්ම මහත්මීන් උත්සවය සංවිධානය කර තිබුණි.