ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහන

2020 වර්ෂයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලද කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනේ ප්‍රතිලාභීන්හට  ප්‍රතිලාභ බෙදාදීමේ උත්සවයක් 2022-09-04 උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍ර විතාන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත් වු අතර මේ සඳහා අධිකාරියේ කණිෂ්ක කහපොල මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට සහභා ගි වුහ.

 මෙම උත්සව අවස්ථාවේදි කෘෂි උපකරණ කට්ටල 43 බෙදා දුන් අතර කෘෂි උපකරණ කට්ටලයකට උදළු තලය, උදළු මුල්ලුව, ප්ලාස්ටික් මල් බාල්දිය, රේක්කය හා සවල යන උපකරණ එක බැගින් ඇතුලත් විය.