ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නිපයුම් අලෙවි ව්‍යාපෘතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ (2)

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නිපයුම් අලෙවි ව්‍යාපෘතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරාපිටියේ පිහිටි "අපේ හදබිම සුපර්" භව බෝග අලෙවි සැල ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ ආරාධනයෙන් කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සුරතින් හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2022-09-24 වැනිදින ජනගත කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා,නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තිස්ස ආර්.එම්.ටි.ධර්මවර්ධන මැතිතුමා,  විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ. කරුණාරත්න මිය , මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්, කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සමන්ති ඩී. නගහතැන්න මිය ඇතුළු නිලධාරින් ,ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා ඇතුළු ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ඉහළ කළමණාකරණ මණ්ඩයලය, නිලධාරින් හා සේවකයන් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.