ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

  ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් ග්රාම නිලධාරී වසම්, ග්රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව තිරසර ගෙවතු වගාව ප්රවර්ධනය කිරීම සඳහා ගොවීන් 75 දෙනෙකු සඳහා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහන ශ්රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්රසිරි විතාන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 2022.12.11 වන දින ගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්රධානත්වයෙන් සීතාවක බ්රැන්ඩිගම්පල ප්රජා ශාලා පරිශ්රයේදී පැවැත්විය.

මේ සඳහා ගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු යධාමණී ගුණවර්ධන මැතිතුමා, සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්රාදේශීය ලේකම් කේ.එස්. දිල්හානි මහත්මිය විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර ශ්රී ලංකා හදබිම අධිකාරිය නියෝජනය කරමින් ශ්රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්රසිරි විතාන මැතිතුමා, විධායක අධ්යක්ෂ කුමුදු කරුණාරත්න මහත්මිය සහ නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා සහභාගි විය. තවද සීතාවක ප්රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුලු මන්ත්රී වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ප්රතිලාභීන් වෙත උදලුතලයක්, උදලුමුල්ලුවක්, සවලක්, ලීටර 10 මල් බාල්දියක්, තාච්චියක්, බීජ කට්ටලයක්, පොල් පැල සහ ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් නිර්මිත ගෙවතු වගා අත් පොත පිරිනමන ලදී.
මෙම උත්සවයේ සංවිධාන කටයුතු කලාප නිලධාරී ලක්ෂාන් අදිකාරි මහතා සහ ඒකක කළමනාකරු ඉන්දික පල්ලෙවත්ත මහතා විසින් සිදුකල අතර වෙනුර අතුකෝරල, සුභානි සරච්චන්ද්ර, නදීෂා බාලසූරිය සහ නිම්කා විජේතුංග යන මහත්ම මහත්මීන් මේ සඳහා සහයෝගය ලබා දෙන ලදී.