Hadabima Authority

කැටපොත පිහිල්ල ක්ෂුද්‍ර ජල මුලාශ්‍රය සංරක්ෂණයට

 

කැටපොත පිහිල්ල ක්ෂුද්‍ර ජල මුලාශ්‍රය සංරක්ෂණයට

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන් යටතේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීවලි කන්ද
ග්‍රාම නිලධාරි වසමේ කැටපොත පිහිල්ල ක්ෂුද්‍ර ජල මුලාශ්‍රය සංරක්ෂණය කර ගොවි අයිතියට පවරණ ලදි.

මේ සඳහා අධිකාරිය රු.250,000/- ක වියදමක් දරා ඇත.

මෙමඟින් සෘජුව ගොවිපවුල් 25 ක පානීය ජලය හා කෘෂි ජල අවශ්‍යතාවය සැපයෙන අතර ප්‍රජා සහභාගීත්වය තුලින් ජල මුලාශ්‍රය

සංරක්ෂණය කර ඇත.

ඉදිරි නඩත්තු කටයුතු හා රුක් රෝපණ වැඩසටහන් සීවලි කන්ද නිල් දියවර ප්‍රජා සංවිධානය ඉටු කරනු ලබයි.

මහනුවර දිස්ත්‍රික්කය තුල ජල මුලාශ්‍ර සංරක්ෂණ ව්‍යාපෘති 18 ක්‍රියාත්මක වන අතර රුපියල් මිලියන 4.5 වැය කර ඇත.

කුඹුක්, මදිටිය, දියපර, සබුක්කු, පුවක් පැල, ජලකාමී අධි ශ්‍රේණියේ පැල සිටුවීමට සැලසුම් කර ඇත.

 

  

 

 

 

 

 

 

 

 

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 18 ක ගොවි පවුල් 9500 ක් ඉලක්ක කරගනිමින්

 

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 18 ක ගොවි පවුල් 9500 ක් ඉලක්ක කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් හා අරමුදල් මත ක්‍රියාත්මක වන අර්ධ

ගෘහාශ්‍රිත කුකුල් පාලන වැඩසටහන හා සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල හා දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි පවුල් 160 ක් සඳහා කුකුල් පැටවුන්1600 ක්

බෙදාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන් හා ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ගම්පල දී.මු. ජයරත්න අනුස්මණ ශාලාවේදී පසුගියදා පැවැත් වින.

එම අවස්ථාවට ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරනන්ද වීරසිංහ මහතා විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මහත්මිය, කළාප කළමණාකරුවන් සුනිල්

වික්‍රමගේ මහතා හා  ලක්ෂාන් අධිකාරි මහතා සහභාගී වුහ.

මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ පෝෂණීය තත්ත්වය නගා සිටුවීම, ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස හා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කුකුල් අතුරණු

ලබා ගැනීමේ මුලික කරුණු පෙරදැරිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

 

  

 

 

 

 

 

 

කුකුල් පැටව් බේදා දීම ............

 

 කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හදබිම අධීකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිනක් වයසැති කුකුල් පැටව් බේදා දීමේ වැඩසටහනක් 2021-07-22 වන දින හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිළිඳු පවුල් 136 ක් සඳහා කුකුල් පැටව්න් 1336 දෙනෙකු බේදාදුන් අවස්ථාව .............................