Hadabima Authority

The Human Resources Promotion Training Programme ...... (2)


 

The Human Resources Promotion Training Programme attended by all staff of Sri Lanka Hadabima Authority held on 29-06-2022 and 30.06.2022.

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මධ්‍යම පළාතේ ආහාර සුරක්ශිත කිරිම සඳහා පැල රෝපණය කිරිමේ වැඩසටහන - ශ්‍රී ලංකා හදබිම අධිකාරිය


 

2022-06-05 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය වෙනුවෙන් මධ්‍යම පළාතේ ආහාර සුරක්ශිතතාවය ඇති කිරිම හා ආහාර සුලභ කිරිමේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලද පැළ රෝපණ කිරිමේ වැඩසටහන ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ. කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එදින කාර්යාල පරිශ්‍රෙය්දී පැවැති අවසථාව.

  

  

  
       

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගොවි උපකරණ කට්ටල බෙදා දීම - යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය


 

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ "  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය සහ වස විසෙන් තොර ආහාර වේලක්  සඳහා වු ජනතා අයිතිය තහවුරු කිරිම සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ක්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා ගොවීන් හට අවශ්‍ය කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහන 2022.03.15 පෙ.ව. 11.00  යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි රු. 169,722.00 ක් වටිනා කෘෂි උපකරණ කට්ටල තෝරාගත් ගොවීන් 42 ක් අතරේ බෙදා හැරිණි. මෙම කෘෂි උපකරණ කට්ටලයක වටිනාකම  රු. 4041.00 වන අතර ඒම කට්ටලවලට උදළු තල, ඇඟලි 4 උදළු මුල්ලු, යකඩ මිට සහිත සවල්, ලීටර 10 ප්ලාස්ටික් මල් බාල්දි, අඟල් 1 රේක්ක අයත් වේ.  

මෙම උත්සවය සඳහා  කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය ගරු  මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන්ගේ සම්බන්ධීකාරක නිලධාරි  රනිල් රාජපක්ෂ මැතිතුමන්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නිතිඥ ප්‍රියංගනි පෙතන්ගොඩ ,  යටියන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඒ.වි. රොහාන්ත ගුණසේකර , ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න,  නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරි උපුල් ජයතිලක  යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.     

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කළාප නිලධාරි කළාප කළමණාකරු එම්.එම්.මිල්ටන්  , ඒකක කළමණාකරුවන් වන ඒ.වි.කේ. අතුකෝරල , එල්.ඒ.එන්. සුදර්ශනි බාලසුරිය යන මහත්ම මහත්මීන්  මෙම වැඩසටහන අධීක්ෂණය හා සම්බන්ධීකරණය සිදු කරනු ලැබීය. 

 

         

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගොවි උපකරණ කට්ටල බෙදා දීම - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය


 

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ "  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය සහ වස විසෙන් තොර ආහාර වේලක්  සඳහා වු ජනතා අයිතිය තහවුරු කිරිම සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ක්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා ගොවීන් හට අවශ්‍ය කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහන 2022.03.15 පෙ.ව. 9.00  බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි රු. 222,255.00 ක් වටිනා කෘෂි උපකරණ කට්ටල තෝරාගත් ගොවීන් 55 ක් අතරේ බෙදා හැරිණි. මෙම කෘෂි උපකරණ කට්ටලයක වටිනාකම  රු. 4041.00 වන අතර ඒම කට්ටලවලට උදළු තල, ඇඟලි 4 උදළු මුල්ලු, යකඩ මිට සහිත සවල්, ලීටර 10 ප්ලාස්ටික් මල් බාල්දි, අඟල් 1 රේක්ක අයත් වේ.  

මෙම උත්සවය සඳහා  කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය ගරු  මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන්ගේ සම්බන්ධීකාරක නිලධාරි  රනිල් රාජපක්ෂ , බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර,  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න,  නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරි උපුල් ජයතිලක යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.     

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කළාප නිලධාරි කළාප කළමණාකරු අතුල සෙනෙවිරත්න  , ඒකක කළමණාකරුවන් වන ඒ.වි.කේ. අතුකෝරල , අයි.එස්. පල්ලේවත්ත යන මහත්ම මහත්මීන්  මෙම වැඩසටහන අධීක්ෂණය හා සම්බන්ධීකරණය සිදු කරනු ලැබීය.