Hadabima Authority

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගොවි උපකරණ කට්ටල බෙදා දීම - යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

 

අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ "  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කාබනික පොහොර නිෂ්පාදනය හා ප්‍රචලිත කිරිමේ  වැඩසටහනට සමගාමීව  ශ්‍රී  ලංකා හදබිම අධිකාරියේ  ඉඩම් ඵලදායිතාවය උපරිම මට්ටමට ගෙනඒමේ  2021 වර්ෂයේ කාබනික පොහොර නිෂ්පාදන  වැඩසටහන අනුව  කාබනික පොහොර නිෂ්පාදනය  කරන  ගොවීන්හට  උපකරණ කට්ටල බේදාදීමේ උත්සවය පසුගිය දා (2022-01-25 දින)  පැවැත්විණ.

යටවත්ත ප්‍රාදේශීය සභාවේ  සභාපති ලාල් අතපත්තු මැතිතුමන් හා  කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය ගරු  මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමන්ගේ සම්බන්ධීකාරක නිලධාරි  රනිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්  යටවත්ත ප්‍රාදේශීය ලේකම් ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට   ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) එච්.එම්.ඒ.ජී.ලීලාවති යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.

මෙම අවස්ථාවේදී යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ගොවීන් 96 ක් සඳහා රුපියල් 387,936.00 වටිනා  ගොවි උපකරණ කට්ටල බෙදා දෙණු ලැබිණ.

කළාප කළමණාකරු ශාලිකා ගම්ලත් , ඒකක කළමණාකරුවන් වන එච්.එම්.යු.අයි.අබේවර්ධන, ඒ.ආර්.එම්.එච්.සී.එස්.රත්නායක, හා ආර්.පි.ටි.ජී.රණසිංහ  යන මහත්ම මහත්මීන් උත්සවය සංවිධානය කර තිබුණි.

        

        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2022 වර්ෂයේ නව රාජකාරි ආරම්භ කිරිම

 

2022 වර්ෂයේ නව රාජකාරි ආරම්භ කිරිම 2022-01-03 වන දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදි ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් නව වසරේ රාජකාරි  ආරම්භ කරමින් රාජ්‍ය ප්‍රතිඥාව ලබා දුන් අතර එහිදි කොවිඩ් 19 පැතිරිම වැලැක්වීම හා යහපත් සෞඛ්‍ය හා සමාජ පුරුදු පිළිබඳ දේශනයක් මහනුවර මහරෝහලේ සුවසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනෝමා සිරිබද්දන මහත්මිය විසින් සිදු කරන ලදි. අධිකාරියේ වත්මන් සභාපති අමරනන්ද වීරසිංහ මැතිතුමා විසින් අධිකාරියේ කාර්ය මණ්ඩලය අමතා නව වසරට සුභා ශිංසන පිරිනමන ලදි.

 

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය සභාපති ඒ.බි.ආර්.යු.බී. ආදිත්‍ය මහතා, විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා, සහකාර අධ්‍යක්ෂ (ගිණුම්) එ.එම්.ඩබ්.තිලකරත්න මහතා, සහකාර අධ්‍යක්ෂ (පාලන) ඩබ්.එච්.ටී.වීරසේකර මහතා  හා සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා සැලසුම්) ඉෂානි ජයවීර මිය ඇතුළු අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් සහභාගි වුහ.

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවි උපකරණ කට්ටල බෙදා දීම - මඩකලපුව දිස්ත්‍රික්කය

 

"සෞභාග්‍ය" දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කාබනික පොහොර නිෂ්පාදනය හා ප්‍රචලිත කිරිමේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ඉඩම් ඵලදායිතාව උපරිම මට්ටමකට  ගෙන ඒමේ කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ වැඩසටහන හා සම්බන්ධ ගොවීන් හට උපකරණ කට්ටල බෙදාදීමේ උත්සවය පසුගිය දා  පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන ගෘහස්ථ සත්ත්ව පාලන, සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන්  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, වාලච්චේන (කෝරලෙයි පත්තු) ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට මඩකලපුව අතිරේක දිස්ත්‍රික් ලේකම් සුදර්ශණී ශ්‍රී කන්ද, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල, සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.අමලනී , සහකාර
අධ්‍යක්ෂ (සැලසුම්) ආර්.කාන්ගදරන් ,  යන මහත්ම මහහත්මීන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීහු සහභාගී වුහ.  

මෙහිදි තෝරා ගන්නා ලද ගොවි පවුල් 405 දෙනෙකු සඳහා උදළු තල, තාච්චි, උදළු මුල්ලු, සවල්, රේක්ක, මල්බාල්දි ආදි උපකරණ බෙදා දෙන ලදි.  මෙම වැඩසටහන සඳහා නැගෙනහිර පළාතේ මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර යන දිස්ත්‍රික්ක වල ගොවි පවුල්  7487 කට ප්‍රතිලාභ හිමිවේ.  මේ සඳහා හදබිම අධිකාරිය රුපියල් මිලියන 29 වියදම් දරයි.

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන බහුවිධ ආදායම් උත්පාදන විශේෂ ව්‍යාපෘතිය - හම්බන්තොට දිස්ත්‍රික්කය

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ක්‍රියාත්මත වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බහුවිධ ආදායම් උත්පාදන වැඩසටහන සඳහා තෝරාගත් ගොවි පවුල් 93 ක් සඳහා විවිධ උපකරණ කට්ටල බෙදා දීමේ උත්සවය පසුගිය දා තිස්සමහාරාම කාන්තා සංවිධානයේ රැස්වීම් ශාලාවේදී පැවැත් විණ.

වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු  හා අපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ලේකම්  චන්ද්‍රා රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් වු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය සභාපති උපාලි බණ්ඩාර අදිත්‍ය,  විධායක අධ්‍යක්ෂ කුමුදු කරුණාරත්න යන මහත්ම මහත්මීහු හා ලුණුගම්වෙහෙර, තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු,
සහ මන්ත්‍රීහු සහභාගී වුහ.

විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොවි පවුල් ඒකකය ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.  සෙවන ශාක තුළ මල් වගාව, ඒලවළු වගාව, තවාන් පාලනය, බිම්මල් වගාව කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන, මල් පෝච්චි සැකසීම, ආදි විෂයන් කෙරෙහි අවධානය යොමු කළ අතර සියළුම ප්‍රතිලාභීන් පුහුණු කර අවසන් කර ඇත.  මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන 8.9 ක් වියදමක් දරා ඇත.


මෙම උත්සවය හම්බන්තොට දිස්ත්‍රික්ක කළාප නිලධාරි උපේක්ෂිකා රාජපක්ෂ මිය සංවිධානය කර තිබුණි.