ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනයේදී මහරගම විද්‍යාදාන මහ විද්‍යාලයේ රුක් රෝපණ වැඩසටහනක්

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනයේදී මහරගම විද්‍යාදාන මහ විද්‍යාලයේ රුක් රෝපණ වැඩසටහනක්

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය මැයි 30 සිට ආරම්භ විය.

ඒ අනුව මැයි 30 දින ”ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” ලෙස නම් කර තිබේ. මීට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් වැඩසටහන් මාලාවක් ජාතික පරිසර සතිය පුරා ක්‍රියාත්මක වේ.

මේ අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විද්‍යාදාන මහ විද්‍යාලයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ගෙවතු වගා වැඩසටහනක් පැවැත්වු අතර එයට සමගාමීව පාසැල් දරුවන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විය.

මේ සදහා පාසැලේ විදුහල්පතිතුමන්, උප විදුහල්පතිවරියන්, පාසැල් ගුරුවරුන්, පාසැල් දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී විය.
වැඩසටහන මෙහෙයවීම කළාප නිලධාරී ලක්ෂාන් අධිකාරි මහතා විසින් සිදුකරන ලදී.

වැඩසටහන සංවිධානය

නිම්කා විජේතුංග (ඒකක කලමණාකරු මහරගම/කැස්බෑව)

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

Holiday Bungalow

Reservation of Circuit Bungalow

Downloads

All Downloads

Services

All Services

Procurement Notices

Procurement Notices for Goods & Services

Most Recent News

Total Views
3,218,819
Unique Visitors
1,517,100

Contact Info