ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයට සමගාමීව ලුණුගල සුමුදුගම වැව ආශ්‍රිතව පවිත්‍රතා වැඩසටහනක්

ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයට සමගාමීව ලුණුගල සුමුදුගම වැව ආශ්‍රිතව පවිත්‍රතා වැඩසටහනක්

“දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ පරිසර අමාත්‍යංශය, Clean Sri Lanka සහ ජනාධිපති කාර්යාලය ඒකාබද්ධව 2025 ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය මැයි 30 සිට ආරම්භ විය. ඒ අනුව අද ජූනි 03වන දිනය “ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය” ලෙස නම් කර තිබේ.

මීට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.

මේ අනුව “ජලය සුරකින්න. ජීවිත සුරකින්න අනාගතය සුරක්ෂිත කරන්න.”යන තේමාව යටතේ ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයට සමගාමීව
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අත්තනගොල්ල ග්‍රාම නිලධාරී වසමේ සුමුදුගම වැව දැඩි අපවිත්‍ර මට්ටමක පැවැති බැවින් ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, ලුණුගල පොලිස් නිලධාරීන්, ගොවි සංවිධාන නිලධාරීන්, පාසල් පරිසර බට සිසුන් කණ්ඩායමක් සහභාගිත්වයෙන් යුතුව ඊයේ දිනයේදී පවිත්‍රතා වැඩසටහනක් හා දැන්වීම් පුවරුවක් යෙදීම සිදු කරන ලදී.

ගොවීන් 50කට අධික පිරිසක් ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා ගන්නා ස්ථානයක් බැවින් දැඩි අපවිත්‍ර මට්ටමක පවතින බැවිනුත් ඉදිරියේදීත් මෙවැනි පවිත්‍රතා වැඩසටහන් එම ස්ථානයේ සිදුකිරීමට නියමිතයි.

සංවිධානය

W.H.H.විජේරත්න මිය – එකක කළමනාකරු

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:

Holiday Bungalow

Reservation of Circuit Bungalow

Downloads

All Downloads

Services

All Services

Procurement Notices

Procurement Notices for Goods & Services

Most Recent News

Total Views
3,218,819
Unique Visitors
1,517,100

Contact Info