Hadabima Authority

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-28 වන දින රාජ්‍ය ආයතන දෙකක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා 2023-02-28 වන දින රාජ්‍ය ආයතන දෙකක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය හා ශ්‍රි ලංකා  හදබිම අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹුණි.  මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර මහතා හා රෝෂාන් රණසිංහ මැතිතුමන්ලාද , ජාතික හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන හා මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අතුළ ගල්කැටිය යන මහත්වරු  ඇතුලු පිරිසක් සහභාගි වූහ.

මෙම ගිවිසුම යටතේ දැනට ශ්‍රි ලංකා හදබිම අධිකාරිය යටතේ පවතින පල්ලෙකැළේ හා කොත්මලේ   ගොවිපොළ දෙක සංවර්ධනයට අවශ්‍ය පියවර ගනු ඇත.

පල්ලේකැළේ ගොවිපොළ, කුකුළු ගොවිපොළක් ලෙස පවත්වා‌ගෙන  යන අතර එහි දැනට දෛනික බිත්තර රක්කවන ධාරිතාවය 6000ක් වේ. එම ප්‍රමාණය 36,000 දක්වා ඉහළ  නැංවීමත්, 700 වන මව් කිකිළි  ප්‍රමාණය 3000ක් දක්වා ඉහළ නැංවීම, වාර්ෂික බිත්තර නිෂ්පාදනය 60,000 සිට 250,000 දක්වා ඉහළ නැංවීමත් අරමුණ වේ.

එමෙන්ම දැනට මෙහි වාර්ෂික කිකිළි පැටවුන් නිෂ්පාදනය 20,000ක් වන අතර එය ලක්ෂ 02ක් දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර ඇත.

එමෙන්ම කොත්මලේ ගොවිපොල ආරක්ෂිත ගෘහ තුල එලවළු  නිෂ්පාදනය සඳහා සංවර්ධන කිරිමටත් නියමිතය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා, විධායක අධ්‍යක්ෂ කේ.කේ. කරුණාරත්න මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහත්වරුන් මෙම අවෂ්තාවට සහභාගි වුහ. 

 

 

75 වැනි නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ

75 වැනි නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ උපදෙස් පරිදි හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපලෙහි ක්‍රියාත්මක කරන ලද ශ්‍රමධාන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ  ඩබ්.එම්.කේ.කේ කරුණාරත්න මිය (විධායක අධ්‍යක්ෂ) ,   කණිශ්ක කහපොල මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන),ඉෂාණි ජයවීර මිය සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා සැලසුම්) ඇතුළු ඉහළ කළමණාකරන මණ්ඩලයේ සාමාජිකයින් හා අධිකාරියේ සේවක මහත්වරුන් හා මහත්මියන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වුහ. 

 

 

උදා වු 2023 නව වර්ෂයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම

උදා වු 2023 නව වර්ෂයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රධාන කාර්යාල භුමියේ දි ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර  ඩබ්.එම්.කේ.කේ කරුණාරත්න මිය (විධායක අධ්‍යක්ෂ) ,   කණිශ්ක කහපොල මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන),  වසන්ත තිලකරත්න මහතා සහකාර අධ්‍යක්ෂ (ගිණුම්),  ඉෂාණි ජයවීර මිය සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා සැලසුම්) ඇතුළු ඉහළ කළමණාකරන මණ්ඩලයේ සාමාජිකයින් හා අධිකාරියේ සේවක මහතවරුන් හා මහත්මියන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වු උත්සව අවස්ථාවේ විශේෂ සිදුවීම්. මෙම අවස්ථාවේදි සේවකයින් සඳහා නිල ඇඳුම්, කාර්යාලීය බෑග් ලබාදීම ද සිදු කෙරිණි.

 

 

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

  ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් ග්රාම නිලධාරී වසම්, ග්රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව තිරසර ගෙවතු වගාව ප්රවර්ධනය කිරීම සඳහා ගොවීන් 75 දෙනෙකු සඳහා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහන ශ්රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්රසිරි විතාන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 2022.12.11 වන දින ගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්රධානත්වයෙන් සීතාවක බ්රැන්ඩිගම්පල ප්රජා ශාලා පරිශ්රයේදී පැවැත්විය.

මේ සඳහා ගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු යධාමණී ගුණවර්ධන මැතිතුමා, සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්රාදේශීය ලේකම් කේ.එස්. දිල්හානි මහත්මිය විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර ශ්රී ලංකා හදබිම අධිකාරිය නියෝජනය කරමින් ශ්රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්රසිරි විතාන මැතිතුමා, විධායක අධ්යක්ෂ කුමුදු කරුණාරත්න මහත්මිය සහ නියෝජ්ය අධ්යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා සහභාගි විය. තවද සීතාවක ප්රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුලු මන්ත්රී වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ප්රතිලාභීන් වෙත උදලුතලයක්, උදලුමුල්ලුවක්, සවලක්, ලීටර 10 මල් බාල්දියක්, තාච්චියක්, බීජ කට්ටලයක්, පොල් පැල සහ ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් නිර්මිත ගෙවතු වගා අත් පොත පිරිනමන ලදී.
මෙම උත්සවයේ සංවිධාන කටයුතු කලාප නිලධාරී ලක්ෂාන් අදිකාරි මහතා සහ ඒකක කළමනාකරු ඉන්දික පල්ලෙවත්ත මහතා විසින් සිදුකල අතර වෙනුර අතුකෝරල, සුභානි සරච්චන්ද්ර, නදීෂා බාලසූරිය සහ නිම්කා විජේතුංග යන මහත්ම මහත්මීන් මේ සඳහා සහයෝගය ලබා දෙන ලදී.