ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේදී

ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව ,ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය ඉහල නැන්විම හා තිරස ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ප්‍රතිලාභීන් 75 දෙනෙකු සඳහා  කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහන,  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ  ගරු සභාපති  සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ  අද දින (2022-11-18)  ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේදී පැවැත්විය.

මේ සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකා හදබිම අධිකාරිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා සහභාගි විය. මෙම උත්සවයේ සංවිධාන කටයුතු කලාප නිලධාරී ලක්ෂාන් අදිකාරි මහතා සහ ඒකක කළමනාකරු නිම්කා විජේතුංග මහත්මිය විසින්  සිදුකල අතර වෙනුර අතුකෝරල, සුභානි සරච්චන්ද්‍ර සහ ගයාත්‍රී රණතුංග යන මහත්ම මහත්මීන් මේ සඳහා සහයෝගය ලබා දෙන ලදී.
මෙහිදි ප්‍රතිලාභීන් සඳහා උදැල්ලක්,උදලු මුල්ලුවක්, ජලය ඉසින  මල් බාල්දියක්,තාච්චියක් , සවලක් , පොල් පැලයක් හා බීජ කට්ටලයක් බැගින් පිරිනමන ලදි.

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වසර ගණනාවක් සේවය කල කරන නිලධාරින්ගේ පරිවාස කාලය අවසන් කල සේවකයින් 40 දෙනෙකු සඳහා

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වසර ගණනාවක්  සේවය කල කරන නිලධාරින්ගේ පරිවාස කාලය අවසන් කල සේවකයින් 40 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරිමේ උත්සවයක්
2022-11-11 වන දින කෘෂිකර්ම වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වත්මන් සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා , අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්, විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මිය,
නියේජ්‍ය අධ්‍යක්ෂ කණිෂ්ක කහපොල මහතා, සහකාර අධ්‍යක්ෂ (මුදල්) ඒ. එම්. ඩබ්. බී. තිලකරත්න මහතා ප්‍රමුඛ ඉහළ කළමණාකරනයේ නිලධාරින් හා සේවක මහතුන් මෙම අවස්ථාවට සහභාගි වුහ.

මෙම අවස්ථාවේදි හදබිම නමින් පුවත් පතක් හා ගෙවතු වගා අත් පොතක් එළිදැක්වීමද සිදු විය.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නිපයුම් අලෙවි ව්‍යාපෘතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නිපයුම් අලෙවි ව්‍යාපෘතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරාපිටියේ පිහිටි "අපේ හදබිම සුපර්" භව බෝග අලෙවි සැල ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමාගේ ආරාධනයෙන් කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සුරතින් හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2022-09-24 වැනිදින ජනගත කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා,නියෝජ්‍ය සභාපති ඉසුරු නිසල් ධනංජය මැතිතුමා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තිස්ස ආර්.එම්.ටි.ධර්මවර්ධන මැතිතුමා,  විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ. කරුණාරත්න මිය , මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්, කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සමන්ති ඩී. නගහතැන්න මිය ඇතුළු නිලධාරින් ,ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණිෂ්ක කහපොල මහතා ඇතුළු ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ඉහළ කළමණාකරණ මණ්ඩයලය, නිලධාරින් හා සේවකයන් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නිපයුම් අලෙවි ව්‍යාපෘතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ (2)