ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව නියෝජ්‍ය සභාපති ලෙස ඉසුරු නිසල් ධනංජය මැතිතුමා 2022-08-02 වැනි දින

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව නියෝජ්‍ය සභාපති ලෙස ඉසුරු නිසල් ධනංජය මැතිතුමා 2022-08-02 වැනි දින සුභ මොහොතින් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කාර්යාල පර්ශ්‍රයේ දී වැඩභාරගත් අවස්ථාව.  මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා, විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මැතිණිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කණ්ෂ්ක කහපොල මැතිතුමා ඇතුළු ඉහළ කළමණාකරණයේ නිලධාරිහු සහභාගි වුහ.

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා සහභාගි වන සජීවි ගුවන් විදුලි වැඩසටහන


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා සහභාගි වන සජීවි ගුවන් විදුලි වැඩසටහන

  

 

 

 

 

 

 

 

 

ගෙවතු වගා පුහුණු වැඩසටහන


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022 වර්ෂයේ ගෙවතු 5000 ක් සකස් කිරිමේ වැඩසටහනට සමගාමීව ක්ෂේත්‍ර නිලධාරින් සඳහා 2022-07-18 හා 19 දෙදින තුළ පුහුණු වැඩසටහනක්  පැවැත් විය. කෘෂිකර්ම දෙපාර්ථමේන්තුවට අයත් සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සාගරිකා රත්නමලල මිය (කෘෂිකර්ම උපදේශිකා) , වසන්ත පුෂ්ප කුමාර මහතා (කෘෂිකර්ම උපදේශක) , මාදුර්යා සෙනෙවිරත්න මිය (තාක්ෂණික සහයක) හා පි.එල්. ඉන්දික මහතා (සංවර්ධන නිලධාරි)  යනනිලධාරින් මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදි.  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා , ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මිය (විධායක අධයක්ෂ), කණිෂ්ක කහපොල මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ - සංවර්ධන) හා ඉෂානි ජයවීර (සහකාර අධ්‍යක්ෂ - සැලසුම්) යන නිලධාරිහු ද මෙම වැඩසටහන සඳහා සහභාගි වුහ. 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022-07-15 හා 16 යන දෙදින තුළදී වෙළද කුටියක්


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022-07-15 හා 16 යන දෙදින තුළදී වෙළද කුටියක් පැවැත් වු අතර එහිදි පැල (ගම්මිරිස්, නයිමිරිස්, දෙහි, නිවිති, ගම්මිරිස්, ඩැගන් පෘට්ස්, පොල්, කුඹුුක් අදි ශ්‍රේණියේ) හා සහල් (සුදු කැකුළු, නාඩු, සම්බා) පරිභෝගික ජනයා වෙත අලෙවි කෙරිණි..

 https://fb.watch/ehV1BhXaDL/