ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ගෙවතු වගා පුහුණු වැඩසටහන


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022 වර්ෂයේ ගෙවතු 5000 ක් සකස් කිරිමේ වැඩසටහනට සමගාමීව ක්ෂේත්‍ර නිලධාරින් සඳහා 2022-07-18 හා 19 දෙදින තුළ පුහුණු වැඩසටහනක්  පැවැත් විය. කෘෂිකර්ම දෙපාර්ථමේන්තුවට අයත් සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සාගරිකා රත්නමලල මිය (කෘෂිකර්ම උපදේශිකා) , වසන්ත පුෂ්ප කුමාර මහතා (කෘෂිකර්ම උපදේශක) , මාදුර්යා සෙනෙවිරත්න මිය (තාක්ෂණික සහයක) හා පි.එල්. ඉන්දික මහතා (සංවර්ධන නිලධාරි)  යනනිලධාරින් මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදි.  ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මැතිතුමා , ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මිය (විධායක අධයක්ෂ), කණිෂ්ක කහපොල මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ - සංවර්ධන) හා ඉෂානි ජයවීර (සහකාර අධ්‍යක්ෂ - සැලසුම්) යන නිලධාරිහු ද මෙම වැඩසටහන සඳහා සහභාගි වුහ. 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022-07-15 හා 16 යන දෙදින තුළදී වෙළද කුටියක්


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022-07-15 හා 16 යන දෙදින තුළදී වෙළද කුටියක් පැවැත් වු අතර එහිදි පැල (ගම්මිරිස්, නයිමිරිස්, දෙහි, නිවිති, ගම්මිරිස්, ඩැගන් පෘට්ස්, පොල්, කුඹුුක් අදි ශ්‍රේණියේ) හා සහල් (සුදු කැකුළු, නාඩු, සම්බා) පරිභෝගික ජනයා වෙත අලෙවි කෙරිණි..

 https://fb.watch/ehV1BhXaDL/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022 වර්ෂයේ ගෙවතු 5000 ක් සකස් කිරිමේ වැඩසටහනක්


 

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022 වර්ෂයේ ගෙවතු 5000 ක් සකස් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් සකස් කර ඇති අතර එහි මුලික අධියරෙ කටයුතු

සිදු කරමින් ඇත.

 

 

 

ගෙවතු වගා ආදර්ශන 5000 ක් සකස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

අනු අංකය        දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
01

මහනුවර

දොළුව

උඩපළාත

හාරිස්පත්තුව

මිනිපේ

02 මාතලේ

උකුවෙල

අඹන්ගඟ කෝරලේ

03 නුවරඑළිය කොත්මලේ
04 කෑගල්ල

කෑගල්ල

අරණායක

ගලිගමුව

වරකාපොල

05 බදුල්ල

වැලිමඩ

බණ්ඩාරවෙල

06  රත්නපුර  

අයගම

පැල්මඩුල්ල

කහවත්ත

නිවිතිගල

රත්නපුර

ගොඩකවෙල

 07  අම්පාර  

දෙහිඅත්තකණ්ඩිය

 08  මොණරාගල

බිබිල

 

 

 

 

 

 

 

 

කෘෂිකර්ම වාරිමාර්ග, වනජීවී හා වන සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ සංකල්පයකට අනුව


 

කෘෂිකර්ම වාරිමාර්ග, වනජීවී හා වන සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය, වී අලෙවි මණ්ඩලය හා මිල්කෝ පුද්ගලික සමඟ ඒකාබද්ධව සහන මිළට සහල් හා කිරි ආශ්රිීත නිෂ්පාදන ලබා දීමේ “සේවා සත්කාර” වැඩසටහනේ සාමාරම්භක අවස්ථාව 2022-07-07 වන දින පෙ.ව 12-30 ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කල අවස්ථාව.

මෙම අවස්ථාවට කෘෂිකර්ම වාරිමාර්ග, වනජීවී හා වන සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා හා වී අලෙවි මණ්ඩලයේ සභාපති නිල් අස්විස් මැතිතුමා  මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගි වු අතර  මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ලේකම් ගාමීණි රාජරත්න මැතිතුමා, මහනුවර දිස්ත්‍රික් දිසාපති චන්දන තෙන්නකෝන් මැතිතුමා, කර්මාන්ත ලේකම් උපාලි රණවක මහතා, ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් සම්පත් ජයසිංහ මැතිතුමා, පේරාදෙණිය ලංකා බැංකු ශාඛාවේ ප්‍රධාන කළමණාකරු සංජීය දිශානායක මහතා, කෘෂිකර්ම දේපාර්තමෙන්තුව හා අනුබද්ධ ආයතන, කඳුරට ගුවන් විදුලි සේවය, මිල්කෝ ආයතනය ආදි ආයතන නියෝජනය කරමින් නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි වුහ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය නියෝජනය කරමින් සභාපති  සරත් චන්ද්‍ර විතාන මැතිතුමා, විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මැතිණිය ඇතුළු අධිකාරියේ ඉහළ කළමණාකරණය ඇතුළු

සියළුම නිලධාරින් මෙම අවස්ථාවට සහභාගී වුහ.